Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගිහාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ගිහාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී උප භාණ්ඩාගාරික ධූරයට ‘මොහාන් ද සිල්වා’ පාර්ශවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ගිහාන් වීරසිංහ මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ. 

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වන ගිහාන් වීරසිංහ මහතාට ක්‍රීඩා පනතට අනුව උප භාණ්ඩාගාරික ධුරය සඳහා වෘත්තිය සුදුසුකම් නොමැති වීම ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතුව බවද  දැනගන්නට තිබේ. 

ගිහාන් වීරසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තමන්ට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම්දී නොමැති බවයි. 

“වෘත්තිය සුදුසුකම්වලදී මගේ අර්ථසාධක අරමුදල් පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. මම හිතන්නෙ ප්‍රතික්ෂේප කිරීමට හේතුව එය විය හැකියි” යැයි වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.  

සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා යන මහත්වරු හතර දෙනාගේම නාමයෝජනා සියල්ලම නිලවරණ කමිටුව විසින් පිළිගනු ලැබ තිබේ. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා අවසන් වූ අතර දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය. 

එම කාලය තුළ විරෝධතා 15 ක් ඉදිරිපත් වී තිබූ බව වාර්තා විය. නිලවරණ කමිටුව ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා මෙම තීරණයට එළඹ තිබේ. 

ක්‍රිකට් නිලවරණය (2018) සඳහා ස්ථිර වූ නාමයෝජනා

සභාපති (තනතුරු 01) -  මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා
උප සභාපති (තනතුරු 02) - ශම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න, කේ. මතිවානන්, අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මොහාන් ද සිල්වා
ලේකම් (තනතුරු 01) - බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා සහ මොහාන් ද සිල්වා
භාණ්ඩාගාරික (තනතුරු 01) - ලසන්ත වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න, ඊස්ට්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ සහ ශම්මි සිල්වා
උප ලේකම් (තනතුරු 01) - ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, රවීන් වික්‍රමරත්න සහ හිරන්ත පෙරේරා
උප භාණ්ඩාගාරික (තනතුරු 01) - ලලිත් රඹුක්වැල්ල, නලීන් වික්‍රමසිංහ සහ සංජය සේදර සෙනරත් 

 


අදහස් (0)

ගිහාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.