Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගජිතගෙන් නායකත්වයේ ඉනිමක්

ගජිතගෙන් නායකත්වයේ ඉනිමක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ ගජිත කොටුවේගොඩගේ (102) ශතකය හමුවේ ශාන්ත මේරී විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භවූ 39 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මේරී විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 222 ක් රැස්කළේය.

පසන් වලිසිංහ නොදැවී ලකුණු 32 ක් සහ සංදීප වීරසිංහ ලකුණු 26 ක් රැස්කරමින් ශාන්ත මේරී විද්‍යාලිය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

මදුශාන් ගුණසිංහ කඩුලු 3 ක් පුංසර ගිම්හාන කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත මේරී විද්‍යාලීය පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කෑගලු විද්‍යාලය ලකුණු 59 කට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූ තත්වයකට පත්ව ඇත. ඒ අනුව ශාන්ත මේරී විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 163 ක් පසුපසින් පසුවන්නේය.

කාසියේ වාසිය දිනාගත් කෑගලු විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශාන්ත මේරී විද්‍යාලයට ආරාධනා කළේය.

හෙට (30 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


ශා.මේරී විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලුදෙනා දැවී 222
(ගජිත කොටුවේගොඩ 102, පසන් වලිසිංහ නොදැවී 32, සංදීප වීරසිංහ 26, මදුශාන් ගුණසිංහ 72/3, පුංසර ගිම්හාන 19/2)

කෑගලු විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 59

 


අදහස් (0)

ගජිතගෙන් නායකත්වයේ ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.