Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ හත්වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ ලාහෝර් ලයන්ස් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල කඩුලූ 6 ක් දැවී පන්දු 3 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
කොල්කටා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගෞතම් ගම්භීර් (60) සහ රොබින් උත්තාපා (46) තරගය ජයගැනීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.
පන්දු 47 කදී වාර්තා වූ ගෞතම් ගම්භීර්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ රොබින් උත්තාපාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ලයන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය.
ලාහෝර් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අහමඞ් ශෙහෙසාඞ් පන්දු 42 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත්විය.
උමාර් අක්මාල් (40) සහ වහබ් රියාස් (නොදැවී 14) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලාහෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරවූ සුනිල් නරේන් ඕවර 4 ක් යවමින් ලකුණු 9 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ලාහෝර් ලයන්ස් පිලට ආරාධනා කර සිටියේය.
ලාහෝර් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 151
(අහමඞ් ශෙහෙසාඞ් 59, උමාර් අක්මාල් 40, වහබ් රියාස් නොදැවී 17, සුනිල් නරේන් 9/3)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී 153
(ගෞතම් ගම්භීර් 60, රොබින් උත්තාපා 46, අයිශාස් චීමා 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.