ග්ලැඩියේටර්ස් සටන අත නොහරී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොළඹ කිංග්ස් පිලට එරෙහිව පසුගිය සඳුදා (7 වැනිදා) පැවැති තරගය ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ජය ගැනීමත් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අවසාන කණ්ඩායම සඳහා තියුණු තරගයක් ඇතිවී තිබේ.
තරගාවලියේ තරග 13 ක් අවසන් වනතෙක් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ ගාල්ල ග්ලැඩියේටර්ස් පිල එම තරගය ජයගැනීමත් සමගින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්විය. ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටියද ශුද්ධ ලකුණු වේගය මත ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සිව්වැනි ස්ථානය ගැනීමට සමත්විය.
එම කණ්ඩායම් දෙකටම තව තරග දෙක බැගින් ඇති අතර අවසන් මොහොත වන තෙක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා සිව්වැනි කණ්ඩායම වීමට තියුණු තරගයක් ඇතිවී තිබේ.
මේ වනවිට ප්‍රසාද ලකුණු 9 බැගින් ලබා ඇති යාපනය ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයන්හී පසුවන අතර ප්‍රසාද ලකුණු 8 ක් ලබාගත් කොළඹ කිංග්ස් පිල තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
මූලික වටයේ තරග 11 වැනිදා අවසන්වීමට නියමිතව ඇති අතර ඊට තවත් තරග 5 ක් ඇතුළත්ව ඇත. පළමු අවසන් පූර්ව තරගය 13 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදාත් පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය 16 වැනිදා පැවැත්වේ.