Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ග්‍රැහැම් තෝප් රෝහල්ගත කරයි

ග්‍රැහැම් තෝප් රෝහල්ගත කරයි

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් මහතා දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නිවේදනය කරයි. මේ වන විට 52 වැනි වියේ පසුවන තෝප් මහතා 1993 වසරේ සිට 2005 වසර දක්වා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට සහ එක්දින තරග 82 කට ක්‍රීඩා කළේය.

දක්ෂ වමත් පිතිකරුවකු වූ තෝප් මහතා ටෙස්ට් ශතක 16 ක් සමග ලකුණු 6744 ක් රැස්කිරීමට සමත් වූයේ ලකුණු 44.66 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. සිය මංගල ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 114 ක් රැස්කිරීමට සමත් වූ තෝප් මහතා, 2002 වසරේදී නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 200) ලබාගත්තේය.

මෙම වසරේ (2022) පෙබරවාරි මාසය දක්වාම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ මහතා, මෙවර අළු බඳුන තරගාවලියේදී 4-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත්වීමත් සමග එම තනතුරෙන් අස්විය.

ඉන් අනතුරුව ඉකුත් මාර්තු මාසයේදී තෝප් මහතා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරිණ. 2005 වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද සේවය කළේය.  

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඉකුත්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෝප් මහතා දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව සහ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවය.


-036

 


අදහස් (0)

ග්‍රැහැම් තෝප් රෝහල්ගත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.