Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ලට කඩුලු 2 ක ජයක්
ජාතික සුපිරි ලීගය

ගාල්ලට කඩුලු 2 ක ජයක්

editorial - 2024 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම ඊයේ (16 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 33.5 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යශෝධ ලංකා පන්දු 77 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 110 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 49.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 197 ක් ලබාගත් අතර මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු තනුක දාබරේ පන්දු 65 කදී ලකුණු 51 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.  


මහනුවර පිල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 197  
(තනුක දාබරේ 51, කමිල් මිෂාර 34, කවින් බණ්ඩාර 38, රවිඳු රත්නායක 27, මුදිත ලක්ෂාන් 23/4, දුනිත් වෙල්ලාලගේ 30/2, අකිල ධනංජය 36/2) 

ගාල්ල පිල - ඕවර 33.5 කදී කඩුලු 8 ක් දැවී 198 
(යශෝධ ලංකා 110, ධනංජය ලක්ෂාන් 41, යොහාන් මැද්දගේ 59/4, සහන් ආරච්චිගේ 37/3) 

-036


අදහස් (0)

ගාල්ලට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.