Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 26.2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ආරම්ක පිතිකරු අකේන් සුජයන පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ හිරුක් අකලංක නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8.2 ක් යවමින් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත් නමුත් ගාල්ල කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. එහිදී තරුන් වනසිංහ සහ මනිත රාජපක්ෂ කඩුල්ල බැගින් බිඳහෙළුෑහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට ඕවර 37.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ චමෝද් ප්‍රභාෂණ ලකුණු 18 කට කඩුලු 5 ක්ද, යුමාල් එගොඩගේ ලකුණු 13 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ගාල්ල ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ගාල්ල පිල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 93
(සඳරු මල්ෂාන් 34, මනිත රාජපක්ෂ 16, චමෝද් ප්‍රභාෂණ 18/5, යුමාල් එගොඩගේ 13/4)
දඹුල්ල පිල - ඕවර 26.2 කදී කඩුලු 7 ක් දැවී 94
(අකේන් සුජයන 39, හිරුක් අකලංක 31/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.