Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගිල්මෝ ජයසූරිය කුසලාන ශා. ජෝෂප් විදුහලට

ගිල්මෝ ජයසූරිය කුසලාන ශා. ජෝෂප් විදුහලට

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ගිල්මෝ ජයසූරිය කුසලානය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයීය පිටියේදී පැවැති 19 න් පහළ ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ ජයක් අත්කර ගත් ශාන්ත ජෝෂප් විද්‍යාලය ගිල්මෝ ජයසූරිය කුසලානය දිනාගත්තේය. 

1898 වසරේදී ආරම්භ කරන ලද මෙම විදුහල් අතර ක්‍රිකට් තරග, 1993 සිට ගිල්මෝ ජයසූරිය අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙයි. මෙවර තරගය විදුහල් දෙක අතර පැවැති 120 වැනි තරගයයි. 

මේ දක්වා පැවැති තරග වලදී සාන්ත තෝමස් විද්‍යාලය තරග 17 ක් ජයගෙන තිබේ. ශාන්ත තෝමස් විද්‍යාලය ජයගත් තරග සංඛ්‍යාව 25 කි. තරග 78 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.  


ශාන්ත ජෝෂප් විද්‍යාලය - පළමු ඉනිම 196 යි
(සෙනුජ වකුණුගොඩ 71, අභිෂේක් ජයවීර 28, ඒරන් ද සිල්වා 41/4, අභීත් පරණවිතාන 53/4)

සාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම 193 යි
(ජේඩ්න් අමරවීර 27, සදෙව් සොයිසා 42, මිතිල චාල්ස් 47, අශේන් ද සිලාව 16, දිනෙත් ගුණවර්ධන 31, යෙනුල දෙව්තුෂ 51/4, ඩේමියන් ද සිල්වා 63/3)

ශාන්ත ජෝෂප් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 1 ට 22 යි


අදහස් (0)

ගිල්මෝ ජයසූරිය කුසලාන ශා. ජෝෂප් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.