Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුජරාට් පිල පෙරමුණ ගනී

ගුජරාට් පිල පෙරමුණ ගනී

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 40 ක් නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව සිටියි. මේ දත්වා තරග 8 කට සහභාගි වී ඇති ගුජරාට් ක්‍රීඩකයෝ, ඉන් තරග 6 ක් ජයගෙන ඇති අතර පරාජයට පත්ව ඇත්තේ තරග 2 ක් පමණි. ඒ අනුව ඔවුහු ලකුණු 12 කට හිමිකම් කියති.
 
මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 5 බැගින් සහ පරාජයන් 3 බැගින් ලබා ලකුණු 10 බැගින් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව තිබේ. කෙසේ වුවත් ශුද්ධ ලකුණු වේගය අනුව එම කණ්ඩායම් 3 පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති.

මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 30 ක් ඉතිරිව ඇති අතර එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ.

-036


අදහස් (0)

ගුජරාට් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.