Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුන්වැනි එක්දින තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ 1 වන මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තරග තීරක රිචී රචඩ්සන් මහතා ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කර තිබේ.
ක්‍රීඩකයකු දැවී යාමෙන් පසුව ඔහුට ක්‍රීඩාගාරය පෙන්වමින් ‘දැන් පලයන්’ යයි කියැවෙන ආකාරයේ ඉඟි දැක්වීම ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ 1 වන මට්ටමේදී තහනම් කෙරේ.
තදින් අවවාද කිරීමට අනතුරුව ගුණතිලකගේ විනය වාර්තාවට අගති ලකුණක්ද එකතු කර ඇති අතර, එය මාස 24 ක කාලයක් තුළ ඔහුගෙන් සිදු වූ පළමු වරද ලෙස සැලකේ.
කොදෙව් ඉනිමේ 35 වැනි ඕවරයේදී නිකලස් පූරන් දැවීයාමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක ඔහුට නුසුදුසු භාෂාවෙන් කිසිවක් කියා තිබේ. එහෙත් පසුව ගුණතිලක වරද පිළිගත්තේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.