Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 15 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සහ සිම්බාබ්වේ පිල අතර කැන්බරාහිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 74 ක ජයක් අත්කර ගැනීමට කොදෙව් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 373 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 44.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 289 ක් පමණි.
සිම්බාබ්වේ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ෂේන් විලියම්ස් පන්දු 61 කදී පහර 9 ක් සමගින් ලකුණු 76 ක් රැස්කළ අතර පන්දු 41 කදී වාර්තා වූ ක්‍රෙග් එර්වින්ගේ අර්ධ ශතකයට (52) හයේ පහරක් සහ හතරේ 7 ක් ඇතුළත් විය.
කොදෙව් පිල වෙනුවෙන් ජෙරම් ටේලර් සහ ජේසන් හෝල්ඩර් කඩුලූ 3 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දක්කම් දැක්වූහ.
ක‍්‍රිස් ගේල් (215) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ ලකුණු 372 ක ලෝක වාර්තාගත සම්බන්ධතාව නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පිල, ඕවර 50 අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 372 ක් ලබාගත්තේය.
මෙම සම්බන්ධතාව ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළතම පිතිකරු සම්බන්ධතාව වේ. ඉන්දීය හිටපු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් 1999 වසරේ නවසීලන්තයට එරෙහිව දෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 331 ක සම්බන්ධතාව මීට පෙර ඕනෑම කඩුල්ලක ඉහළතම පිතිකරු සම්බන්ධතාව ලෙස පැවතුණි.
මෙහිදී ක‍්‍රිස් ගේල් වාර්තාගත ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 147 කදී හයේ පහර 16 ක් සහ හතරේ 10 ක් සමගින් ලකුණු 215 ක් ලබා සිටියදී අවසන් පන්දුවේදී දැවී ගියේය.
මෙම ලකුණු 215 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ලෝක කුසලාන ද්විත්ව ශතකය ද වේ.
දකුණු අප‍්‍රිකානු හිටපු පිතිකරු ගැරී කර්ස්ටන් 1996 ලෝක කුසලාන තරගාවලියේ රැස්කළ ලකුණු 188 මේ දක්වා ලෝක කුසලාන තරගාවලියක ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
ක‍්‍රිස් ගේල් රැස්කළ මෙම ලකුණු 215 ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ තෙවැනි ඉහළතම පිතිකරු ඉනිම ද වේ. ඉන්දීය පිතිකරුවන් වන රෝහිත් ශර්මා (264) සහ විරේන්ද්‍ර සෙවැග් (219) ගේල්ට ඉදිරියෙන් සිටිති.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලූ 2 ක් දැවී 372
(ක‍්‍රිස් ගේල් 215, මාලන් සැමුවෙල්ස් නොදැවී 133)
සිම්බාබ්වේ පිල - ඕවර 44.3 කදී කඩුලූ සියලූ දෙනා දැවී 289
(සිකන්දර් රාසා 26, බ්‍රෙන්ඩන් ටේලර් 37, ෂේන් විලියම්ස් 76, ක්‍රෙග් එර්වින් 52, ස්ටුවර්ට් මට්සිකෙන්යෙරී 19, එල්ටන් චිගම්බූරා 21, ටෙන්ඩායි චටාරා 16, ජෙරම් ටේලර් 38/3, ජේසන් හෝල්ඩර් 48/3, ක‍්‍රිස් ගේල් 35/2)
ඡායාරූප - ඒ.එෆ්.පී. ඇසුරිනි
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.