Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා වන කසුන් රාජිතගේ (20/4) විශිෂ්ට පන්දු යැවීම නිසා අද (13 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු හතකින් පරාජය කළ ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 6 සීමාවට පැනගත්හ. මේ වන විට ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිටින්නේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පමණි.
තරගාවලියේ කණ්ඩායම් 5 න් කණ්ඩායම් 4 ක් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙන බැවින් අද තරගයේදී ලබාගත් ජයග්‍රහණය ගෝල් ටයිටන්ස් කණ්ඩායමට ඉහළ වටිනාකමක් ඇති ජයකි. ඕවර 6.3 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත් බැවින් ගෝල් ටයිටන්ස්ලාගේ ශුද්ධ ලකුණු වේගයද ඉහළ දමාගත හැකිවූ නමුත් එය තවමත් සෘණ අගයක (-0.269) පවතී.
ලකුණු 90 ක පහසු ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නවසීලන්ත ජාතික ටිම් සේෆර්ට් ලකුණු 55 ක් ලබාගත්තේය. සේෆර්ට්ගේ පන්දු 42 ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය. ඩිල්ෂාන් මධුශංක (28/1) සහ මහීෂ් තීක්‍ෂණ (12/1) හමුවේ ප්‍රවේසමෙන් පන්දුවට පහර දුන් සේෆර්ට් සහ චැඩ් බෝව්ස්, සෙසු පන්දු යවන්නන්ගෙන් රිසි සේ ලකුණු උදුරා ගත්හ.
කසුන් රාජිතගේ පන්දු යැවීම හමුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පිල ලකුණු 89 කට සීමා විය. ඕවර 5 ක් ඇතුළත, ලකුණු 21 කට ඉදිරිපෙළ කඩුලු පහම අහිමි කරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එතැනින් හිස එසවීමට නොහැකි විය. නියමිත ඕවර 20 නිමාවේදී ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලකුණු 89 කට දැවී ගියහ.
කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. එහෙත් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පළමුවෙන්ම දැවී ගිය කඩුලු 5 න් 4 කට හිමිකම් කීවේය. කසුන්ට කදිම සහයෝගයක් දුන් ළහිරු කුමාර විසින් ක්‍රිස් ලින් දවාගන්නා ලද හෙයින්, ඉනිමේ පස්වැනි ඕවරය නිමාවීමටත් පෙරම ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අමාරුවේ වැටී සිටියහ.
මෙම තරගාවලියේදී ලකුණු 22 යනු, අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමක පිතිකරුවකුට පසුකිරීමට අපහසු කඩයිමක් වී ඇති සෙයකි. පසුගිය තරග වලදීත් එය විශේෂයෙන් කැපී පෙනුණු අතර අද තරගයේදීත් ජැෆ්නා කිංග්ස් පිලේ කිසිම පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි විය. ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලකුණ 22 ක් ලබාගත්තේ තවමත් 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය.
අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණි වෙල්ලාලගේ, පසුපෙළ සගයින් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උත්සාහයක නිරත වූවත්, උස මහතින් අඩු, කුඩා දේහයකින් යුත් වෙල්ලාලගේට විශාල පහර කරා යාමේ ඉඩක් ගෝල් ටයිටන්ස් පන්දු යවන්නෝ නොතැබූහ. ඔහුගේ පන්දු 31 ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි.
තරගය ආරම්භ වීමටත් පෙර සිටම කඩුල්ල ඉදිරියෙන් කුඩා සලකුණු දෙකක් තබාගෙන ඊට පන්දු යවමින් තම රිද්මය ලබාගත් තබ්රේෂ් ශම්සි, ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජැෆ්නා කිංග්ස් - ඕවර 20 කදී සියලු දෙනා දැවී 89 යි
(දුනිත් වෙල්ලාලගේ 22, තිසර පෙරේරා 13, මහීෂ් තීක්‍ෂණ 13, ඩිල්ෂාන් මධුශංක 12, කසුන් රාජිත 20/4, ළහිරු කුමාර 13/2, තබ්රේශ් ශම්සි 19/2)
ගෝල් ටයිටන්ස් - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 90 යි.
(භානුක රාජපක්‍ෂ 15, ටිම් සේෆර්ට් 55, චැඩ් බෝව්ස් නොදැවී 13)
තබ්රේශ් ශම්සි
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
ළහිරු කුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.