Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උපුල් තරංගගේ සාර්ථක ආරම්භයෙන් පසුව පසුපෙළ පිතිකරුවන් කළ ධෛර්යවත් පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර අද (7 වැනිදා) කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි පුහුණු තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 296 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යද්දී කළුවර දැඩිවෙමින් පැවැති අතර සීකුගේ ප‍්‍රසන්න සහ තිසර පෙරේරා එක්ව 44 වැනි ඕවරය යැවූ ලසිත් මාලිංගන් ලකුණු 12 ක් උදුරා ගැනීම නිසා තරගයේ ජය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙත නැඹුරු විය.
ඉනිමේ 43 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා ඒ පිල ලබා සිටියේ ලකුණු 240 කි. එහෙත් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව තරගය ජයගැනීමට නම් 44 වැනි ඕවරයේදී ලකුණු 10 ක් ලබාගත යුතුව තිබූ අතර පළමු පන්දුවේදීම තිසර පෙරේරා තනි ලකුණක් ගැනීමෙන් පහර දීමේ අවස්ථාව සීක්කුගේට පැවරිණ.
දෙවැනි පන්දුවට ලකුණු 2 ක් ලබාගත් සීකුට වයිඞ් පන්දුවක් යැවූ ලසිත් මාලිංග තවත් ලකුණක් තිළිණ කළේය. ඊළග පන්දුවට හයේ පහරක් ගැසූ සීකුගේ ප‍්‍රසන්න තරගයේ වාසිය තම පිල වෙත හරවා ගැනීමෙන් පසුව තවත් ලකුණු දෙකක් එක්වීමත් සමගම තරගය නතර කිරීමට විනිසුරුවරුන් වූ රුචිර පල්ලියගුරු සහ රවීන්ද්‍ර විමලසිරි තීරණය කළහ.
ඒ වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 2 කින් ඉදිරියෙන් සිටි අතර සීකුගේ ප‍්‍රසන්නගේ ලකුණු සංඛ්‍යාව පන්දු 30 කදී ලකුණු 41 ක් දක්වා ඉහළ නැග තිබිණ.
තමන් ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින බව සනාථ කළ උපුල් තරංග ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් කදිම ඉනිමක් කී‍්‍රඩා කරමින් නායක දිනේෂ් චන්දිමාල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක් එක් කළේය. ඒ සඳහා ඔවුන් දෙදෙනාට ගතවූයේ පන්දු 131 ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේල ජයවර්ධන පන්දු 84 කදී ලකුණු 96 ක් ලබාගත්තේ ශී‍්‍ර ලංකාවේ දෙවැනි පෙළ පන්දු යවන්නන්ගේ දුර්වලතා මේ යයි කියා දෙමිනි. හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසූ මහේලට අශාන් පි‍්‍රයන්ජන් (46) සහ මිලින්ද සිරිවර්ධන (37)කදිම සහයෝගයක් දුන්හ.
නැගී එන තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන චතුරංග ද සිල්වා වමතින් දග පන්දු යවමින් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 41 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.