Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි ජනවාරියේ හොඳම ක්‍රීඩිකාවන් අතරට

චමරි ජනවාරියේ හොඳම ක්‍රීඩිකාවන් අතරට

editorial - 2022 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනවාරි මාසයේ අයි.සී.සී. කාන්තා ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා නම් කළ ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළත් වී තිබේ.

පසුගිය මාසයේ මැලේසියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියේදී පන්දු 29 කදී ලකුණු 57ක් රැස්කරමින් ශ්‍රී ලංකාව කඩුලු 9ක ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත්වූ අතපත්තු තරගයේ වීරයාට හිමි සම්මානයද දිනාගත්තාය. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතරම ජයගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද අතපත්තුට හැකිවූවාය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 158 කදී ලකුණු 150 ක් රැස්කරමින් සිය වෘත්තීය දිවියේ හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩීන්ඩ්‍රා ඩොටින් සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව අළු බඳුන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට දායක වෙමින් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 168 ක සහ දෙවැනි ඉනිමේදී ලකුණු 48 ක් රැස්කළ එංගලන්ත නායිකා හෙදර් නයිට් මෙම සම්මානය සඳහා නිර්දේශිත අනෙක් ක්‍රීඩිකාවෝ වෙති.

- 2079

 


අදහස් (0)

චමරි ජනවාරියේ හොඳම ක්‍රීඩිකාවන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.