Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආබාධ තත්වයක් හේතුවෙන් එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේදී විවේක ගන්වා සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට, ඉන් පූර්ණ සුවය ලබා නොතිබීම හේතුවෙන් තරගාවලියේ සෙසු තරගවලට සහභාගිවීමේ අවස්ථාවද අහිමිවී ඇත.
මූලික වටයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයට පෙර පැවැති පුහුණු සැසියකදී චමීරගේ දකුණු උරහිසේ මාංශපේෂි අබාධයකට ලක්ව ඇති අතර තවමත් ඔහු එම ආබාධ තත්වයෙන් සුවය ලබමින් සිටියි. ඒ අනුව ඔහු ඉදිරි දිනවලදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි උසස් දස්කම් මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපන වැඩසටහනකට සහභාගි වීමට නියමිතය.
චමීරගේ හිදැස පිරවීම සඳහා අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටි වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 2 කදී කඩුලු 2 ක්ද, විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කදී කඩුලු 12 ක්ද බිඳහෙළීමට මධුෂංක සමත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.