Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි එක්දින තරගය ලකුණු 96 කින් ජයගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (24 වැනිදා) සමත්විය. ඒ අනුව පැවැති එක්දින තරග 5 න් 4 ක ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හිමිවූ අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනූ හොරණ තක්ෂිලා මැදි විදුහල පළමුව පන්දුවට පහරදීම සඳහා පිළියන්දල මැදි විදුහලට ආරාධනා කළ අතර ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 210 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ චමෝද් සඳරු අර්ධ ශතකයක් ලබාගනිමින් පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. පන්දු 107 කට මුහුණදුන් සඳරු හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.
චමෝද් සඳරුට අනගි සහයක් ලබාදුන් ජනිත් දිල්ශාන් පන්දු 83 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළ අතර හේෂාන් මදුශංක පන්දු 38 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් රැස්කිරීමට සමත්විය.
ජනිත් දිල්ශාන් සමගින් පළමු කඩුල්ල සඳහා ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ චමෝද් සඳරු දෙවැනි කඩුල්ල සඳහා හේෂාන් මදුශංක සමගින්ද එක්ව තවත් ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
මැදපෙළ සහ පසු පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව පිළියන්දල මැදි විදුහලෙන් ගිලිහී ගියේය.
තිසර සචින්තන කඩුලු 3 ක් ද තිළිණ තරින්ද, සසිඳු ජනිත් සහ සෙනෙත් වින්විනු කඩුලු 2 බැගින් දවාගනිමින් පිළියන්දල මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය හොරණ තක්ෂිලා මැදි විදුහලට ඕවර 36.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
සසිඳු ජනිත් ලකුණු 37 ක් සහ චමිඳු රන්විනු ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ජයග්‍රහණය කරා යෑමට තක්ෂාලා මැදි විදුහලට අවස්ථාවක් හිමිනොවීය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමෝද් සඳරු ඕවර 6 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත්තේය. මල්ෂාන් ගුණතිලක කඩුලු 3 ක් සහ උෂාන් දීමන්ත කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පිළියන්දල ම.ම.විද්‍යාලය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(ජනිත් දිල්ශාන් 47, චමෝද් සඳරු 61, හේෂාන් මදුශංක 35, තිසර සචින්තන 41/3, තිළිණ තරින්ද 26/2, සසිඳු ජනිත් 27/2, සෙනෙත් වින්විනු 36/2)
තක්ෂිලා ම.ම.විද්‍යාලය - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(චමිඳු රන්විනු 22, සසිඳු ජනිත් 37, චමෝද් සඳරු 25/4, මල්ෂාන් ගුණතිලක 20/3, උෂාන් දීමන්ත 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.