Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චරිත් - දසුන් කොළඹට ජය ගෙනෙති
ජාතික සුපිරි ලීගය

චරිත් - දසුන් කොළඹට ජය ගෙනෙති

editorial - 2024 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 6 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර අද (4 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 38.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ දසුන් ශානක සහ විහස් තෙව්මික කඩුලු 3 බැගින් බිඳහෙළමින් මහනුවර ඉනිම සුනිවිසුණු කර දැමූහ. 

මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කවින් බණ්ඩාර පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 45 කින් ලකුණු 37 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 342 ක් ලබාගත් අතර එහිදී නායක චරිත් අසංලක (නොදැවී 138) සහ දසුන් ශානක (103) ශතක ලබමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

කොළඹ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අසලංක පන්දු 137 කදී ලබාගත් ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 10 කින් සැරසුවේය. පන්දු 90 කදී වාර්තා වූ දසුන්ගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.  


කොළඹ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 342
(අවිෂ්ක ප්‍රනාන්දු 17, ෂෙවෝන් ඩැනියෙල් 18, කේෂාන් වන්නිආරච්චි 17, චරිත් අසලංක නොදැවී 138, දසුන් ශානක 103, නිපුන් රංසික 29/3, ලසිත් ඇඹුල්දෙණිය 49/2, චාමික කරුණාරත්න 78/2) 

නුවර පිල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 178  
(සිතාර ගිම්හාන් 37, කවින් බණ්ඩාර 57, චාමික කරුණාරත්න 17, රවීන් ද සිල්වා නොදැවී 20, දසුන් ශානක 22/3, විහස් තෙව්මික 27/3, දිලුම් සුදීර 19/2) 


-036


අදහස් (0)

චරිත් - දසුන් කොළඹට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.