Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි සුපර්කිංග්ස් පිලට ලකුණු 13 ක ජයක්

චෙන්නායි සුපර්කිංග්ස් පිලට ලකුණු 13 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 15 තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර බැන්ගලෝර් හිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්විය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය පර්ත් ස්කෝචර්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැසකරගත හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින්, ලකුණු 20 කට කඩුලූ 3 ක් දවාගනිමින් පර්ත් ස්කෝචර්ස් පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය.

චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවින්ද්‍ර ජදේජා පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

කාසියේ වාසිය දිනූ පර්ත් ස්කෝචර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර්කිංස් පිලට ආරාධනා කර සිටියේය.

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 155
(මිතුන් මන්හාස් 18, ඞ්වේන් බ‍්‍රාවෝ 27, රවින්ද්‍ර ජදේජා නොදැවී 44, මහේන්ද්‍ර සිං දෝනි 35)

පර්ත් ස්කෝචර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 කට 142
(ඇඩම් වොගස් 27, මිචෙල් මාර්ෂ් 19, ඇෂ්ටන් ටනර් 22, නාදන් කූල්ටර් නයිල් 30, රවිචන්ද්‍රන් අෂ්වින් 20/3, අශීෂ් නෙහෙරා 27/2)

-036

 


අදහස් (0)

චෙන්නායි සුපර්කිංග්ස් පිලට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.