Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) දෙවැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර චෙන්නායිහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි.
දිල්ලි පිලට තරගය ජයගැනීමට අවසන් ඕවරයේදී ලකුණු 19 ක් රැුස්කිරීමට සිදුවූ නමුත් ඔවුන්ට එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලබාගත හැකිවූයේ ලකුණු 18 ක් පමණි.
පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 73 ක් රැුස්කිරීමට ඇල්බි මෝකල් සමත් වුවත් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශීෂ් නෙහෙරා ලකුණු 25 කට දිල්ලි පිලේ පළමු කඩුලූ 3 ම දවාගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය.
චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භ පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.
පන්දු 27 කදී ලකුණු 30 ක් රැස්කිරීමට නායක මහේන්ද්‍ර සිං දෝනි සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා කර සිටියේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 150
(ඞ්වේන් ස්මිත් 34, ෆෆ් ඩුප්ලෙසී 32, රවින්ද්‍ර ජදේජා 17, මහේන්ද්‍ර සිං දෝනි 30, නේදන් කූල්ටනීල් 30/3)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 149
(මායන්ක් අගර්වාල් 15, ඇල්බි මෝකල් නොදැවී 73, කේදර් ජාදව් 20, අශීෂ් නෙහෙරා 17/3, ඞ්වේන් බ‍්‍රාවෝ 36/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.