Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිලට ලකුණු 2 ක තියුණු ජයක්

චෙන්නායි පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 28 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර චෙන්නායිහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිලට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 132 ක් පමණි.

තරගය නිමා වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රයන් ටෙන්ඩස්කාට්, පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් ලබා සිටියද ඔහුට කොල්කටා පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඞ්වේන් බ‍්‍රාවෝ ඕවර 3 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 3 ක් දවාගත් අතර අසීරු උඩ පන්දු 2 ක් රැක ගනිමින් තරගයේ වීරයා බවටද පත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 29 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කළේය.

පියුෂ් චවුලා සහ ඇන්ඩි‍්‍ර රසල් කඩුලූ 2 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා කර සිටියේය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 134
(ඞ්වේන් ස්මිත් 25, බ්‍රෙන්ඩන් මැකලම් 19, සුරේෂ් රයිනා 17, ෆෆ් ඩුප්ලෙසී 29, රවින්ද්‍ර ජදේජා 15, පියුෂ් චවුලා 26/2, ඇන්ඩි‍්‍ර රසල් 26/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 132
(රොබින් උත්තාපා 39, මනීෂ් පාණ්ඬේ 15, සූර්යකුමාර් යාදව් 16, රයන් ටෙන්ඩස්කාට් නොදැවී 38, ඞ්වේන් බ‍්‍රාවෝ 22/3, රවිචන්ද්‍රන් අෂ්වින් 5/2)

-036

 


අදහස් (0)

චෙන්නායි පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.