Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩයම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රචින් රවින්ද්‍ර පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
නායක රුතුරාජ් ගයික්වාඩ් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රචින් රවින්ද්‍ර සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. එහිදී පන්දු 26 කට මුහුණදුන් ගයික්වාඩ් හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිලක් වර්මා පන්දු 25 කින් ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. දීපක් චාහර් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළේය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නූර් අහමඩ් සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර මුම්බායි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඛලීල් අහමඩ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 155
(සූර්යකුමාර් යාදව් 29, තිලක් වර්මා 31, නාමන් ධීර් 17, දීපක් චාහර් නොදැවී 28, නූර් අහමඩ් 18/4, ඛලීල් අහමඩ් 29/3)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 158
(රචින් රවින්ද්‍ර නොදැවී 65, රුතුරාජ් ගයික්වාඩ් 53, රවින්ද්‍ර ජදේජා 17, විග්නේෂ් පුතූර් 32/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.