Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඉළ ඇටයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජදේජාට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
“ඉකුත් 4 වැනිදා පැවැති බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගයේදී ඔහු (ජදේජා) ආබාධයකට ලක්වුණා. ඉන් අනතුරුව පන්දු යැවීමේදී සහ පන්දුවට පහරදීමේදී යම් වේදනාවක් දැනෙනවා කියලා ඔහු අපිට දැනුම් දුන්නා. එම ආබාධ තත්ත්වයට වැඩි දුර ප්‍රතිකාර ගැනීම සඳහා මේ වන විට අපි ඔහුව ජෛව ආරක්ෂක බුබුළෙන් නිදහස් කරලා තියෙනවා.”
“මෙවර තරගාවලියේදී අපිට ඉතිරි වෙලා තියෙන්නෙ තවත් තරග 3 ක් පමණයි. එම තරග තුනම ජයග්‍රහණය කළත් අපිට අවසන් වටයට පිවිසෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. ඒ නිසා ඔහු ආබාධ තත්ත්වයක් තියාගෙන ක්‍රීඩා කරලා අවදානමක් ගන්නවට අපි කැමති නැහැ.” යැයි චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කාසි විෂ්වනාතන් මහතා පැවසීය.
මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජදේජා, දිගින් දිගටම කණ්ඩායම ලැබූ පරාජයන් හමුවේ තරගාවලිය අතරමැදදී නායකත්වයෙන් ඉවත්වීමට පියවර ගත්තේය. තරගාවලිය පුරා නායකත්වයේ බර ජදේජාගේ දස්කම්වලට අනිසි ලෙස බලපා තිබීම හේතුවෙන් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි නැවත නායකත්වයට පත්කිරීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය කටයුතු කළේය.
ආබාධ තත්ත්වය හේතුවෙන් ජදේජාට චෙන්නායි කණ්ඩායම ඉකුත් 8 වැනිදා දිල්ලි කැපිටල් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයට සහභාගි වීමටද නොහැකි විය. චෙන්නායි කණ්ඩායම ඊයේ (12 වැනිදා) දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර ඔවුන් සහභාගි වන මූලික වටයේ සෙසු තරග දෙක 15 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවද, 20 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවද පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.