Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජබාර් පැරණි ක්‍රීඩකයන්ට ජය ගෙනෙයි

ජබාර් පැරණි ක්‍රීඩකයන්ට ජය ගෙනෙයි

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා කැවෙලියර්ස් කණ්ඩායම සහ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කවය අතර පැවැති ජයලත් අපෝන්සු අනුස්මරණ ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කවය සමත් විය. ජයලත් අපොන්සු මහතා මොරටුව ක්‍රිකට් සමාජයේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය බාරව හිටපු නිලධාරියෙකි.

මෙම තරගය විස්සයි-20 තරගයකි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ලංකා කැවෙලියර්ස් පිල ලකුණු 119 ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 120 ක ඉලක්කයක් හඹාගිය පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕවර 14.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී සමන් ජයන්ත නොදැවී ලකුණු 70 ක්ද, රුවින් පීරිස් ලකුණු 47 ක්ද රැස්කරමින් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කවයේ ජයග්‍රහණය තහවුරු කළහ.  

ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් ලංකා කැවිලියර්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත් අබ්දුල් ජබාර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.


ලංකා කැවෙලියර්ස් - ඕවර 25 කදී කඩුලු 9 කට 119
(සුසන්ත ද මෙල් 24, සංජය අත්තනායක 15, රවී සුබසිංහ 15, චමින්ද රාජපක්ෂ 28, අබ්දුල් ජබාර් 25/5)

පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කවය - ඕවර 14.1 කදී කඩුලු 2 කට 123
(රුවින් පීරිස් 47, සමන් ජයන්ත නොදැවී 70)

-036

 


අදහස් (0)

ජබාර් පැරණි ක්‍රීඩකයන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.