Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජේ ෂා නැවතත් ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

ජේ ෂා නැවතත් ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ඉන්දීය ජාතික ජේ ෂා මහතා නැවත වරක් පත්ව සිටී. ඉන්දුනීසියාවේ බාලි දූපත් සමූහයෙන් එකකදී අද (31 වැනිදා) පැවැති ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කළ යෝජනාවක් අනුව හිටපු සභාපතිවරයාගේ ධූර කාලය තවත් වසරකින් දිගු කරන ලදි. 

“ජේ ෂා මහතා තවත් වසරක කාලයක් සභාපති ධූරයේ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් කරන ලද යෝජනාව ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සියලුම සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කරන ලදී”  යයි ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙයි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ද වන ජේ ෂා මහතා 2021 ජනවාරි මාසයේදී ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස ප්‍රථම වරට පත් විය. ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති පුටුවට පැමිණි ලාබාළතම සභාපතිවරයා වන්නේත් ජේ ෂා මහතාය. ඔහු තවමත් 35 හැවිරිදි වියේ පසුවන්නෙකි. 

ජේ ෂාගේ මූලිකත්වයෙන් 2022 (විස්සයි-20 ආකෘතිය) සහ 2023 දී (එක්දින ආකෘතිය) ආසියානු කුසලාන තරගාවලි දෙකක් සංවිධානය කරන ලදි. ඊට අමතරව ආසියාවේ වෙනත් නැඟී එන කණ්ඩායම් වෙනුවෙන් තරගාවලි කිහිපයක්ම සංවිධානය කෙරිණ. 

මෙවර වාර්ෂික මහ සභා රැස්වීමේදී ජපානය සහ ඉන්දුනීසියාව ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නව සාමාජිකයන් ලෙසින් පත්කර ගන්නා ලදි. තජිකිස්තානු ක්‍රිකට් සංගමයටත් තාවකාලිකව සාමාජිකත්වය පිරිනමා ඇති අතර ඉදිරියේදී ඔවුන්ට ස්ථිර සාමාජිකත්වය පිරිනැමීමට නියමිතය. 

- 213


අදහස් (1)

ජේ ෂා නැවතත් ආසියානු ක්‍රිකට් මුල් පුටුවට
  • Sisira Thursday, 01 February 2024 06:02 AM

    කළගුණ සලකලා හොඳටම ලංකාව...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.