Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපකීර්තියට පත් කිරීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට පවුම් 2,500 ක දඩයක් සහ තරඟ දෙකක අත්හිටවූ තහනමක් පැනවීමට එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. රෝයිට එරෙහිව පැනවූ තරග දෙකක තහනම ඔහුගේ යහපත් හැසිරීම මත මාස 12 කට අත්හිටුවීමට එරට ක‍්‍රිකට් මණ්ඩලය කටයුතු යොදා ඇත.
එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙම දඩුවම් ප‍්‍රකාශයට පත් කළ නමුත් විනය පරීක්‍ෂණය සහ දඬුවම් පිටුපස ඇති හේතූන් හෙළි නොකළේය.
”ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අභිලාෂයන්ට අගතියක් විය හැකි හෝ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඉදිරියට ගෙන යා නොහැකි ආකාරයෙන් හැසිරීමේ චෝදනාව පිළිගැනීමෙන් පසු ක‍්‍රිකට් විනය කොමිසම විසින් පත්කළ විනය මණ්ඩලයක් විසින් ජේසන් රෝයිට මෙම දඩුවම් දුන්නා. එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලයේ 3.3 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය අපකීර්තියට පත් වුනා.” යැයි එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන ජේසන් රෝයි සීමිත ඕවර තරග සඳහා විශේෂඥයෙක් වන අතර ඔහු එක්දින තරඟ 98 කදී 40.19 ක සාමාන්‍යයක් පවත්වාගෙන යනු ලැබේ. වසර 2019 දී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් ජේසන් රෝයි සුවිශේෂී කාර්යභාරයක් කළේය.
පසුගිය ජනවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති විස්සයි20 තරඟාවලියට අවසන් වරට එංගලන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කළ ජේසන් රෝයි මෙම වසරේ ජුනි මාසයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා තෝරා ගැනීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.