Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජොන්සන් කඩුලූ 40 වාර්තාව සොයා ඇදෙයි

ජොන්සන් කඩුලූ 40 වාර්තාව සොයා ඇදෙයි

ශනුක අරවින්ද - 2014 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මෙවර අළු බඳුන තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් අළු බඳුන තරගාවලියකදී කඩුලූ 40 ක් ලබාගත් පන්දු යවන්නන් අතරට එක්වීම සඳහා තවත් කඩුලූ 9 ක් සොයා ඇදෙයි. මෙම තත්ත්වය මත පස්වැනි සහ අවසාන අළු බඳුන තරගය පැවැත්වෙන සිඞ්නි කී‍්‍රඩාංගණ තණතීරුවේ තණකොළ ඇතැයි පැවසෙන ආරංචිය  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් ඉතාමත් ආශාවෙන් බාරගනු නිසැකය.

අළු බඳුන තරගාවලියකදී කඩුලූ 40 සීමාව ඉක්මවා යාමට මෙතෙක් සමත්ව ඇත්තේ ටෙරී  ඕල්ඩර්මන් (දෙවතාවක්), රොඞ්නි හොග් සහ ෂේන් වෝන් පමණි.
ජොන්සන්ගේ සහායක වේග පන්දුයවන්නන් වන ෂේන් වොට්සන් (ඉකිළියේ) රයාන් හැරිස් (දණහිසේ) ආබාධයන්ට ලක්ව සිටින නමුත් ජොන්සන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටීම එංගලන්ත පිතිකරුවන්ගේ හිසරදයට හේතුවක් වනු ඇත.

මේ අතර වේග පන්දු යවන්නන් වික්ෂිප්ත භාවයට පත්කිරීමේ උපක‍්‍රමයක් ලෙසින් එංගලන්ත පිතිකරුවන් හිතාමතාම පන්දුවට මුහුණ නොදී තම සීමාවෙන් ඉවත්වන බවත් පෙනෙන්නට තිබේ.

වේග පන්දු යවන්නකු පන්දුව රැගෙන දිවඑන අතරේ නරඹන්නකු හෝ වෙනත් යමෙක් තමන්ගේ දර්ශන සීමාවට බාධා කරන්නේ නම් තම සීමාවෙන් ඉවත්වීම පිතිකරුවන්ගේ ස්වභාවයක් වන නමුත් මෙවර අළු බඳුන තරගාවලියේදී පිතිකරුවන් හිතා මතාම එවැනි දේ කරන බව පෙනෙන්නට තිබේ.

”මා කී‍්‍රඩා කරන්න ගත් කාලයේ ඉඳන්ම ඔවුන් පන්දුවට පහර දෙන්නේ ඒ ආකාරයෙන් තමා. ඒකේ වෙනසක් වේ යයි කියලා මා නම් හිතන්නේ නෑ” යයි මිචෙල් ජොන්සන් පැවසීය.

මෙල්බර්න්හිදී පැවැති සිවුවැනි ටෙස්ට් තරගයේදී පන්දු යැවීමට ජොන්සන් දිව එන අවස්ථාවේදී එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වන කෙවින් පීටර්සන් තම සීමාවෙන් ඉවතට ගියේය. කෝපාවිශ්ඨ වූ ජොන්සන් පිතිකරු කෙවින් පීටර්සන් සිටි දෙසට පන්දුව දමාගැසූ අතර පසුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

මෙම වචන හුවමාරුව දුරදිග යාමෙන් වළක්වා ගැනීම සඳහා විනිසුරු කුමාර් ධර්මසේන මහතාද මැදිහත් විය.

”ඇත්ත වශයෙන්ම හැම තිස්සේම ඒ වගේ දේවල් වෙනකොට අසහනයට පත්වෙනවා තමා. ඒත් ඉතින් ඒ කී‍්‍රඩාවේ හැටිනේ.....ඒත් පන්දුවෙන් දමා ගැසීම ගැන මා කණගාටු වෙනවා” යයිද මිචෙල් ජොන්සන් පැවසීය.


 


අදහස් (0)

ජොන්සන් කඩුලූ 40 වාර්තාව සොයා ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.