Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නාව නව උමාර් ග-ුල් සිය දණහිසේ ආබාධය නිසා මුහුණ දුන් ශල්‍යකර්මයෙන් පසුව අවශ්‍ය විවේකය නොලැබූ බවත් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට තරම් ඔහු ශාරීරික සුවතාවකින් පසු නොවන බවත් පාකිස්තානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන වකාර් යුනිස් මහතා පවසයි.
යුනිස් මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදී තරග 3 කට සහභගි වූ උමාර් ගුල් ඕවර 20.3 ක් යවමින් ලකුණු 100 කට කඩුලූ 7 ක් දවාගැනීමෙන් පසුවය.
”උමාර් ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කළ යුතු යයි මා හිතන්නේ නෑ. මේ දීර්ඝ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදීමට තරම් ඔහු සුදුසු ශාරීරික තත්ත්වයක සිටිනවා යයි මා නම් විශ්වාස කරන්නේ නෑ” යයි පාකිස්තානයේ රූපවාහිනී නාලිකාවක් වන ‘ජියෝ’ රූපවාහිනී සේවයට වකාර් පවසා තිබේ.
”මට ඔහු ගැන බයක් තියෙනවා. මොකද මා හිතන්නේ ඔහුට සුවය ලැබීමට තවත් ටික කාලයක් ලැබිය යුතුයි. ඔහු ටෙස්ට් තරගාවලියකට යවන්න ඉස්සරින්, පාකිස්තානයේ දේශීය කි‍්‍රකට් තරග වලට සහභාගි වෙනවා නම් වඩාත් හොඳයි” යයිද වකාර් යුනිස් පවසා තිබිණ.
පාකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී දණහිසේ ආබාධයකට ලක්වූ උමාර් ගුල් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය. මේ වන විට පාකිස්තානු පිලේ සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නා වන ගුල් ටෙස්ට් කඩුලූ 163 ක් සහ එක්දින කඩුලූ 168 ක් දවාගෙන සිටී.
වකාර් යුනිස් කුමක් කීවද ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන පාකිස්තානු සංචිතයට උමර් ගුල් ඇතුළත් කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය හෙට (31 වැනිදා) අබුඩාබිහිදී ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.