Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගාවලියට ප‍්‍රයර් ඕනෑ

ටෙස්ට් තරගාවලියට ප‍්‍රයර් ඕනෑ

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත ජ්‍යෙෂ්ඨ කඩුලූ රකින ක‍්‍රීඩක මැතිව් ප‍්‍රයර් ගේ සහභාගිත්වය තමන් අපේක්‍ෂාවෙන් සිටින බව එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් පවසීය. මැතිව් ප‍්‍රයර් ආබාධයකට ලක්වීම නිසා තවමත් සුවය ලබමින් සිටී.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති ‘අඵ බඳුන’ ටෙස්ට් තරගාවලිය 5-0 ක් ලෙස පරාජය වීමත් සමගම 32 හැවිරිදි මැතිව් ප‍්‍රයර් කණ්ඩායමෙන් ඉවත් කරන ලදි. සසෙක්ස් ප‍්‍රාන්ත පිල නියෝජනය කරන මැතිව් ප‍්‍රයර් පාදයේ අබාධයකට ලක්ව සිටින අතර ප‍්‍රාන්ත තරගාවලියේ ද පළමු තරග දෙක විවේක ගැන්වීය.

මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයට ප‍්‍රයර් ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත් වර්ෂාව හේතුවෙන් එම තරගය පැවැත්වීමට නොහැකි විය. එම තරගයේ අවසන් දිනයේ එංගලන්ත කඩුලූ රකින්නන්ගේ පුහුණුකරු වන බෘස් ෆ්‍රෙන්ච් මහතා සමග ප‍්‍රයර් පුහුණු සැසියකට සහභාගි වී තිබේ.

”හැමදාමත් වගේ, ෆ්‍රෙන්සි එක්ක අමාරු සැසියක්. ඒත් මේ වන තෙක් නම් ආබාධයෙන් ඒතරම් ප‍්‍රශ්නයක් වූයේ නෑ..එය (පාදය) ඉතාමත් හොඳින් තිබුණා” යයි එම පුහුණු සැසියෙන් පසුව ‘ට්විටර්’ පණිවුඩයක් මගින් ප‍්‍රයර් සිය හිතමිතුරන්ට දන්වා තිබිණ.

ග්ලැමෝගන් පිලට එරෙහිව ඊයේ (30 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරගයේදී සසෙක්ස් පිල වෙනුවෙන් පිතිකරුවකු ලෙස පමණක් ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. විස්සයි:20 තරගයකදී කඩුලූ රැකීමේ නිරත වූවත් ටෙස්ට් තරගයකදී දිනයක් තුළ  ඕවර 90 ක් කඩුලූ රැකීමේ යෙදිය යුතු හෙයින් ග්ලැමෝගන් තරගයේ කඩුලූ රැුකීම මැතිව් ප‍්‍රයර්ගේ ටෙස්ට් පිලේ ස්ථානය ස්ථිර නොකරනු ඇත.

‘අඵ බඳුන’ තරගාවලිය අතරතුරදී මැතිව් ප‍්‍රයර්ගේ ස්ථානයට ආදේශ කළ ජොනි බෙයාර්ටෝගේ පිතිකරු හැකියාව පිළිබඳවද, එක්දින තරගාවලියේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන ජෝස් බට්ලර්ගේ කඩුලූ රකීමේ හැකියාව පිළිබඳව ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ලබන සතියේ ටෙස්ට් සංචිතය නම් කිරීමට පෙර එංගලන්ත තේරීම් කමිටුව දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

”එය විශාල ප‍්‍රශ්නයක්” යයි ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි එක්දින තරගයේදී කඩුලූ 10 ක ජයක් ලැබීමෙන් පසුව එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් පවසා තිබිණ.

”ඔහු (ප‍්‍රයර්) අපේ සැළසුම්වල දැවැන්ත තොටස්කරුවෙක්. ඒත් පාදයේ විලූඹත් බත්කෙණ්ඩත් සම්බන්ධ කෙරෙන බල නහරයේ ආබාධයක් ඇතිවුවහොත් එය සුවවීමට කල් යන නිසා අපේ අපේක්‍ෂා බිඳ වැටෙනවා...නමුත් ඔහුට පීඩනයක් දෙන්න අපට කරන්න බෑ. එය ඔහුට හෝ එංගලන්ත පිලට සටුදායක තත්ත්වයක් නොවෙයි” යයිද කුක් පැවසීය.

මෙම තත්ත්වය අනුව ජෝස් බට්ලර් පළමු ටෙස්ට් තරගයේදී බොහෝ දුරටත් කඩුලූ රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිත අතර එංගලන්ත නායකයා පවසන්නේ ඔහු මේ වන විට කඩුලූ රැකීමේ දුර්වලතා මගහරවා ගැනීමට වෙහෙසීමෙන් පුහුණුවීම් කරන බවයි.

මැතිව් ප‍්‍රයර් මේ වන විට ටෙස්ට් තරග 75 කදී උඩ පන්දු 217 කින් සහ ස්ටම්ප් කිරීම් 13 ක් සමගින් දවා ගැනීම් 240 කට සම්බන්ධ වී තිබේ. එහිදී ශතක 7 ක් සහ අර්ධ ශතක 27 ක් සමගින් ලකුණු 3,920 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 40.83 කි.  

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූනි මස 12 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.


- 048


අදහස් (0)

ටෙස්ට් තරගාවලියට ප‍්‍රයර් ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.