Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් සංචිතයට තරංග කැඳවයි

ටෙස්ට් සංචිතයට තරංග කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් සංචිතයට උපුල් තරංග කැඳවා තිබේ. ශ‍්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් සංචාරය වූ එංගලන්ත තරගාවලියට සහභාගි වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් මෙම සංචිතයට ඇතුළත්ව නැත.

මෙහිදී දිමුත් කරුණාරත්නට ස්ථානය අහිමිවී ඇති අතර ප‍්‍රසන්න සහ ප‍්‍රදීප් ආබාධයන්ට ලක්ව සම්පූර්ණ සුවය ලබා නොමැති බව වාර්තා වේ.

ආබාධයක් හේතුවෙන් එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමිවූ සුරංග ලක්මාල් මෙම සංචිතයට ඇතුළත්ව සිටියේය. මෙම සංචිතයට වේග පන්දු යවන්නෝ සිවුදෙනෙක්, පිට දග පන්දු යවන්නෝ දෙදෙනෙක් සහ පා දග පන්දු යවන්නෙක් ඇතුළත්ව සිටිති.


ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද් සහ චානක වෙලගෙදර


- 048

 


අදහස් (3)

ටෙස්ට් සංචිතයට තරංග කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.