Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (08 වැනිදා) ආරම්භ වන දෙවැනි තරගයට නව දග පන්දු යවනකු කැදවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
තරගය ඩුබායි වේලාවෙන් පෙරවරු 10.00 ට (ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට) ආරම්භ වීමට නියමිතය.
ඩුබායිවලට අද පෙරවරුවේ සිට ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් පාකිස්තානු පිල පුහුණු සැසියට සහභාගි නොවී පිටව ගිය අතර ශ‍්‍රී ලංකා පිලේ පුහුණු සැසියද අවලංගු කළේය. කෙසේ වෙතත් ඉදිරි දින හතරේ ඩුබායිවලට වර්ෂාව නොලැබෙන බව කාලගුණ වාර්තාවේ සදහන් වේ.
දෙවැනි ටෙස්ට් තරගය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තණතිල්ල පරික්‍ෂා නොකර දග පන්දු යවන්නකු ආදේශ කිරීම පිළිබදව ස්ථිරව ප‍්‍රකාශ කළ නොහැකි බවත් බොහෝ දුරටත් නව දග පන්දු යවන්නකුට අවස්ථාව ලැබෙනු ඇති බවය.
ඇන්ජලෝ මැතිව්ස් අද පස්වරුවේ ඩුබායි ක‍්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය.
”හෙට උදේ තණතීරුව පරීක්‍ෂා කර දග කැවෙන එකක් වුණොත් නව දග පන්දු යවන්නකු කැදවනවා. තණ කොළ තිබෙන තත්ත්වයක් වුණොත් අතිරේක වේග පන්ද යවන්නකු කැදවනවා”
”ඩිල්රුවන් සහ සචිත‍්‍ර දෙදෙනාම හොද පන්දු යවන්නෝ, සචිත‍්‍ර එක සීමාවක පන්දු යවන්නෙක්, ඩිල්රුවන් පන්දුව දග කවන පන්දු යවන්නෙක්. අබුඩාබි තරගය සචිත‍්‍රගේ පළමු තරගය පළමු තරගයේදී ඕනෑම ක‍්‍රීඩකයකුට පීඩනය දැනෙනවා, මේ තරගයේදී ඩිල්රුවන් ක‍්‍රීඩා කළොත් ඔහුගෙත් පළමු තරගය”
එසේ වුවහොත් අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ සචිත‍්‍ර සේනානායකට ස්ථානය අහිමි වන අතර ඩිල්රුවන් පෙරේරා පිට දග පන්දු යවන්නා ලෙස කැදවීමට බොහෝ දුරට ඉඩ තිබේ. මැතිව්ස්ගේ අදහසට අනුව සචිත‍්‍රගේ ස්ථානය අහිමිවීම ස්ථිර තත්ත්වයකට පත්ව ඇති අතර එම තරගයේදී සචිත‍්‍ර කඩුලූ දවා ගැනීටමට අපොහොසත් විය. පානදුර ශ‍්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 31 හැවිරිදි ඩිල්රුවන් 2007 වසරේ එක්දින වරම් ලැබීය.
”අපි මේ තරගයට හොද මානසික තත්ත්වයක පසු වෙනවා, පාකිස්තානය මේ ක‍්‍රීඩාංගණයේ ඉතාමත් හොදින් ක‍්‍රීඩා කර තිබෙනවා. පළමු තරගයේදී අපේ කණ්ඩායම හො`දින් ක‍්‍රීඩා කළා ඒ නිසා අපි මේ තරගය පිළිබ`දව බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් අද පෙවරුවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ඉදිරි දින පහේදී හොද තරගයක් බලාපොරොත්තු වන බවත් 1-0 ක් ලෙස ඉදිරියට පැමිණීමට තරගයේ ප‍්‍රතිඵලයක් බලාපොරොත්තු වන බවත්ය.
”මේ ක‍්‍රීඩාංගණයේ ඉතිහාසය ගත්තොත් සාමාන්‍ය මන්දගාමි තණතීරුවක්, ඒ වගේම දග කැවෙනවා. අපේ දග පන්දු යවන්නන් මෙහි හොදින් පන්දු යවලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මගේ දග පන්දු යවන්නන් දස්කම් දක්වයි කියලා. සාම්ප‍්‍රදායික ඩුබායි තණතීරුව සිවුවැනි, පස්වැනි දින වන විට හො`දින් ද`ග කැවෙනවා. අපි බලමු හෙට පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කරලා මොනවගේ එකක් ද කියලා”
”මම හිතන්නේ පළමු ඉනිමේදී ලකුණු 250 ක් පමණ ඉදිරියෙන් ඉන්න ඕනේ, ඒ වගේම වෙනස් සැළසුමක් තිබිය යුතුයි. එක එක ක‍්‍රීඩකයාට වෙනස් සැළසුම් තිබිය යුතු වගේම නිවැරදි අවස්ථාවේ කඩුලූ ලබාගත යුතුයි”
”අපි අවසන් වසර දෙකේදීම ද`ග පන්දු යවන්නන් යොදාගෙන ක‍්‍රීඩා කරලා තමයි ජය ලැබුවේ. ශ‍්‍රී ලංකා දග පන්දු යවන්නන් ඉතාමත් හොදයි. ශ‍්‍රී ලංකා පිලේ කඩුලූ 20 දවා ගැනීමට අපි සාකච්ඡ කරමින් ඉන්නවා, කණ්ඩායම් දෙකම අනිවාර්යෙන්ම මේ තරගය පිළිබදව දැඩි අවධානය යොමු කරනවා” යැයි මිස්බා වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන සයිඞ් අජ්මාල්, ඩුබායි ක‍්‍රීඩාංගණයේ වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා ලෙස තරග 5 කදී කඩුලූ 34 ක් දවාගෙන තිබේ. දෙවැනි ස්ථානයේ පසු වන පාකිස්තානු පිලේ අබ්¥ර් රෙහෙමාන් තරග 4 කදී කඩුලූ 19 ක් දවාගෙන තිබේ.
පාකිස්තානය ඩුබායි ක‍්‍රීඩාංගණයේ තරග පහකට ක‍්‍රීඩා කර තරග තුනක් ජය ලබා තරගයක් පරාජයට පත්ව තිබේ. පාකිස්තානය අවසන් තරගය ලෙස පසුගිය ඔක්තෝම්බර් මස දකුණු අප‍්‍රිකාවට එරෙහිව සහභාගි වූ තරගයෙන් පාකිස්තානය ඉනිමක පරාජයක් ලැබීය.
ශ‍්‍රී ලංකා පිල මෙම ක‍්‍රීඩාංගණයේ පාකිස්තානයට එරෙහිව තරගයකට සහභාගි වූ අතර එම තරගය පරාජයට පත්විය. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන රංගන හේරත් මෙම ක‍්‍රීඩාංගණයේ කඩුලූ 3 ක් පමණක් දවා ගැනීමට සමත්ව සිටියි.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය විස`දුමකින් තොරව අවසන් විය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කුසල් ජනිත්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත් සහ ඩිල්රුවන් ප‍්‍රනාන්දු
පාකිස්තානු ටෙස්ට් සංචිතය:
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ්, අහ්මඞ් ශෙෂාඞ්, කුරාම් මන්ෂූර්, ශාන් මෂුඞ්, අෂාර් අලී, අසාද් ශාෆික්, යුනිස් ඛාන්, සෆ්රාස් අහ්මඞ්, ජුනයිඞ් ඛාන්, සයිඞ් අජ්මාල්, අබ්දුර් රෙහෙමාන්, බිලාවල් භාටි, මොහොමඞ් ඉර්ෆාන්, රහට් අලී සහ මොහොමඞ් තල්හා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.