Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
ඉදිරිපෙළ පිතිකරුවන් වන ටෝනි ඩි’සෝසි (නොදැවී 141) සහ ටි්රස්ටන් ස්ටබ්ස් (106) දෙදෙනාම ශතක ලබාගැනීම හේතුවෙන් අපහසුවකින් තොරවම ඉදිරියට ගිය දකුණු අප්‍රිකානුවෝ, බංග්ලාදේශයේ චිතගොන් නුවරදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියහ. සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කළ පිතිකරුවන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 201 කි.
පළමු දිනයේ තරගය නිමා වනවිට ටෝනි ඩි’සෝසි (නොදැවී 141) සහ ඩේවිඩ් බෙඩිංහැම් (නොදැවී 18) කඩුල්ලේ රැඳීසිටියහ. තයිජුල් ඉස්ලාම්, බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා විය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානුවෝ පිතිකරුවන්ට පරාදීසයක් බඳු තණතීරුවක පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. එහි උපරිම ප්‍රතිඵල නෙළාගත් ටෝනි ඩි’සෝසි සහ ටි්රස්ටන් ස්ටබ්ස් මුල් දිනයේදීම තරගයේ වාසිය තම පිල වෙත ඇද දුන්හ.
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගත් දකුණු අප්‍රිකානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති. ඔවුන්ගේ අරමුණ මෙම තරගයත් ජයගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ නැඟීමයි.
වසර 2023 - 2025 සඳහා වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 47.62% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ඇතිව සිටින දකුණු අප්‍රිකාව එහි පස්වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව, 55.56% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ සිටී.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකානුවෝ, ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් සිය මව්බිමේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වෙති. එම තරගාවලිය ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවටද බෙහෙවින් තීරණාත්මක තරගාවලියකි.
බංග්ලාදේශ කණ්ඩායමේ සිටි ශ්‍රී ලාංකික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තනතුරෙන් නෙරපීමෙන් පසුව බටහිර ඉන්දීය ක්‍රීඩක පිල් සිමන්ස් බංග්ලාදේශයේ පුහුණුකරු තනතුර බාරගෙන තිබේ.
ටි්රස්ටන් ස්ටබ්ස්ගේ ශතකයට පන්දු 194 ක් වැයවූ අතර ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වූවද ඔහු කළේ සාම්ප්‍රදායික ටෙස්ට් පිතිහරඹයකි. කඩුලු දවාගැනීම සඳහා පවතින සියලුම උපක්‍රම භාවිතා කළ බංග්ලාදේශීහු තරගයේ පළමු දිනයේදීම විතිීවි අවස්ථා 3 න් දෙකක්ම අහිමි කරගෙන සිටිති.
චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණය බංග්ලාදේශයට එතරම් වාසි ගෙනෙන ක්‍රීඩාංගණයක් නොවේ. මේ දක්වා එහිදී ටෙස්ට් තරග 24 ක් පවත්වා ඇතත් බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 2 කදී පමණි. තරග 7 ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇති අතර තරග 15 ක් පරාජය වී තිබේ.
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 2 ට 307 යි
(ඒඩ්න් මාක්රම් 33, ටෝනි ඩි’සෝසි නොදැවී 141, ටි්රස්ටන් ස්ටබ්ස් 106, ඩේවිඩ් බෙඩිංහැම් නොදැවී 18, තයිජුල් ඉස්ලාම් 110/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.