Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාවේ කේප් කෝබ්රාස් පිලේ ප‍්‍රබල පිතිකරුවකු වන ජේ. පී. ඩුමිනිට ශූරයන්ගේ විස්සයි 20 ලීග් තරගාවලියේදී තම කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
ඊට හේතුවී ඇත්තේ ඕසටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ අතර පැවැති තුන්කොන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අතරතුරදී ඔහු දණහිසේ ආබාධයකට ලක්වීමයි.
කේප් කෝබ්රාස් පිලේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන ජේ. පී. ඩුමිනි, තරග 40 කදී ලකුණු 981 ක් රැස්කරගෙන ඇත.
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලි 2 කදී කේප් කෝබ්රාස් පිල නියෝජනය කර ඇති ඔහු, 2009 වසරේ පැවැති තරගාවලියේදී තම කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමටද සමත්විය.
ඩුමිනිගෙන් ඇතිවන හිඩැස පිරවීම සඳහා වෙනත් කී‍්‍රඩකයකු කණ්ඩායමට නම් කළද, ඒ සඳහා තරගාවලියේ සංවිධායක කමිටුව අවසර නොදුන් බව කෝබ්රාස් පිලේ නිලධාරීහු කියා සිටිති.
මෙවර තරගාවලියේදී කේප් කෝබ්රාස් පිල සහභාගී වන පළමු තරගය නොදර්න් දිස්ති‍්‍රක් පිලට එරෙහිව ලබන සිකුරාදා (19 වැනිදා) රායිපූර්හිදී පැවැත්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.