Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩේවිඩ් වීස් ආපසු යයි

ඩේවිඩ් වීස් ආපසු යයි

editorial - 2021 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර (2021) ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයකු ලෙස කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීස් පෞද්ගලික හේතුවක් මත හදිසියේම ආපසු සිය රට බලා පිටත්ව ගොස් ඇත.

ඔහුගේ හිඩැස පිරවීම සඳහා කොළඹ කණ්ඩායෙම් කලමණාකාරීත්වය මේ වන විට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. වීස්ගේ ආදේශක ක්‍රීඩකයා කවුදැයි යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත්, කෙසේ හෝ හෙට (10 වැනිදා) දිනය තුළ වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට එක් කරගන්නා බවත් කණ්ඩායමේ කලමණාකරු සුරේෂ් ජයවර්ධන මහතා ‘ලංකාදීප‘යට පැවසීය.  

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ වීස්, එහිදී ඕවර 2 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් අතර පන්දු 16 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කිරීමටද සමත් විය. ඔහුගේ ඉවත්වීම හදිසි ඉවත්වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කීමෝ පෝල්ට ස්ටාර්ස් කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය.


අදහස් (0)

ඩේවිඩ් වීස් ආපසු යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.