Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩොලර් ටික ගිලින්න අපට මඩ ගහනවා

ඩොලර් ටික ගිලින්න අපට මඩ ගහනවා

editorial - 2022 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑම තුළිත් ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් විශාල පාඩුවක් සිදුවූ බවට පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම එල්ල වූ චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. 

එහිදී ඔහු කියා සිටියේ ආසියානු කුසලාන තරගාවලියෙන් ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ලාභයක් ඉපයූ බවත්, විවිධ පුද්ගලයන් ක්‍රිකට් ආයතනයට මඩ ගැසීමට හේතුව ඔවුන් ක්‍රිකට් ආයතනය සතුව පවනිත ඩොලර් සංචිතය ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවීම බවත්ය.

“මේක (ආසියානු කුසලාන) ලංකාවෙ ගැහුව නම් මිලියන 2.5 ක් තමයි වැඩිපුරම අපිට හම්බෙන්නෙ. ආසියානු ක්‍රිකට් සභාවෙන් තමයි අපිට කිව්වෙ මේක ගහන්න ලංකාවට එන්න බෑ කියලා. මොකද අපේ රටේ ප්‍රශ්න තිබ්බා. මාසෙකින් දවස් ගානකින් ඒ ප්‍රශ්න විසදුනේ නෑනෙ. ඒ ගොල්ලන් හුඟක් අය බය වුණා එන්න. එකෙන් අපිට තව මිලියන 4 කට වඩා වැඩියෙන් හම්බ වුණා. මං දන්නේ නෑ කවුද ඕක කිව්වෙ කියලා. මං හිතන්නෙ ගණන් බැරි එක්කෙනෙක් වෙන්න ඇති.”

“හැබැයි මේකේ එකම විධායක කමිටුව අපි, පටන් ගත්ත දවසෙ ඉදලා මෙච්චර ගානක් හොයපු. කලින් මේකෙ මිලයන දෙකකට වැඩියෙ ඩොලර් තිබිලා නෑ අපේ ස්ථාවර තැන්පතු වල. ඒත් දැන් අපේ තියෙනවා මිලියන 40 ක්. මේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත අපි එකතු කරලා ඩොලර් මිලියන 40 ක් තියෙනවා. නවසීලන්තෙවත් එච්චර නෑ. නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලේ තියෙන්නෙත් මිලියන 35 ක් විතර.” යැයි සභාපතිවරයා පැවසීය.

“මේකෙ තියෙන ඩොලර් ගාන දන්නවා පිට ඉන්න කට්ටිය. මේ ඩොලර් ටික ගිලින්න තමයි අපිට මඩ ගහලා අපේ ක්‍රිකට් එක වට්ටන්න යන්නෙ. අපි නෙමේ මෙකෙන් මේ රටයි වැටෙන්නෙ. මොනව හරි ප්‍රශ්නයක් දාගෙන, අතුරු කමිටුවක් දානවා. අතුරු කමිටුවක් ආවට පස්සෙ මේකේ තියෙන සල්ලි ටික සේරම ඉවරවෙලා ආයෙ අපි ණය වෙනවා. අයි.සී.සී. එකේ සභාපතිත් මට කතා කළා. එයා මගෙන් අහනවා අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත ලංකාව ණයක් ඉල්ලා නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නේ ණයෙන්ම තමා ගිහින් තියෙන්නෙ මෙච්චර කල්.”

“අපි ක්‍රිකට් එකත් හොඳට කරගෙන යනවා. මූල්‍යමය පැත්තත් හොඳට කරගෙන යනවා. අපේ මුූල්‍යමය පැත්ත හොඳ වෙනකොට සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. මම දන්නවා මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා. ලංකාවේ ක්‍රිකට් එක නැති කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ මේකෙන් අපි හොඳ ලාබයක් ලැබුවා. කවුරු හරි කියනවා නම් මේකෙන් පාඩුවක් ලැබුවා කියලා. අපි කැමතියි එයලා එක්ක ඒ ගැන කතා කරන්න.” යැයිද ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


අදහස් (0)

ඩොලර් ටික ගිලින්න අපට මඩ ගහනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.