Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ දෙවැනි තරගය ලෙස හෝබාර්ට් හරිකේන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර මොහාලි හිදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාරතා කිරීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ තිසර පෙරේරා තරගයේ වීරයා බවට පත්විය.
පන්ජාබ් පිලේ කඩුලූ 3 ලකූණු 23 කට දැවී තිබූ අවස්ථාවේ පස්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල්, පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 43 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට යොමු කළේය.
ඉන් පසුව පිටිය පුරා තම අණසක පැතිරවූ නායක ජෝජ් බේලි (නොදැවී 34 සහ තිසර පෙරේරා (නොදැවී 35), 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 69 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනඟමින් පන්ජාබ් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 27 කදී වාර්තා වූ ජෝජ් බේලිගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ තිසර පෙරේරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාර්ට් හරිකේන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 144 ත් ලබාගත්තේය.
එහිදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේ‍්‍රවිස් බර්ට් (28) සහ ජොනතන් වේල්ස් (28) හෝබාර්ට් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්ජාබ් පිල වෙනුවෙන් ඕවර 3 ක් යවා ලකුණු 17 කට කඩුලූ 2 ක් දවාගැනීමට තිසර පෙරේරා සමත් විය.
කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා හෝබාර්ට් හරිකේන්ස් පිලට ආරාධනා කර සිටියේය.
හෝබාර්ට් හරිකේන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 144
(බෙන් ඩන්ක් 26, ඒඩන් බ්ලිසාර්ඞ් 27, ශොයිබ් මලික් 14, ටේ‍්‍රවිස් බර්ට් 28, ජොනතන් වේල්ස් 28, තිසර පෙරේරා 17/2)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 146
(මනන් වෝරා 18, ග්ලේන් මැක්ස්වෙල් 43, ජෝර්ජ් බේලි නොදැවී 34, තිසර පෙරේරා නොදැවී 35, ඩග් බොලින්ජර් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.