Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ළහිරු තිරිමාන්නගේ (නොදැවී 95) පිතිහරඹය නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි පළමු පෙළ තරගයේදී ශී‍්‍ර ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම ලකුණු 265 ක් ලබා ගැනීමට සමත් විය. තිරිමාන්න, සිය අවසන් පිතිකරුවන් කිහිප දෙනා සමග එක්ව අවසන් කඩුලූ 5 වෙනුවෙන් ලකුණු 100 ක් එක් කළේය.
පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 10 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ සංවර්ධන සංචිත පිලේ සිව්වැනි කඩුල්ලත් ලකුණු 85 දී බිඳ වැටිණ. එහෙත් පසුපස නොබැලූ තිරිමාන්න, කඩුලූ රකින්නා වන නිරෝෂන් දික්වැල්ල සමගින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කළේය. නිරෝෂන් දික්වැල්ල පන්දු 84 කදී ලකුණු 46 ක් ලබාගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 164 ක්ව තිබියදී විමුක්ති පෙරේරාගේ පන්දුවකින් දැවී ගියේය.
සිය අපරාජිත ඉනිම පුරා පන්දු 174 කට මුහුණ දුන් තිරිමාන්න, හතරේ පහර 8 ක් ඊට ඇතුළත් කළේය.
දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන කනිෂ්ක ඇල්විටිගල සහ නුවන් ප‍්‍රදීප් කඩුලූ 3 ක් බැගින් දවාගත් අතර විමුක්ති පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා කඩුලූ 2 ක් බැගින් දවාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.