Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (16 වැනිදා) ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන් පත්කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 1996 ඇඩිලේඩ්හිදී පැවැති ටෙස්ට් තරගයෙන් පසුව අන්තර්ජාතික පිටිය හැරගිය ඩේවිඩ් බූන් මේ දක්වා ටෙස්ට් තරග 71 කදී තීරකවරයකු ලෙසින් කටයුතු කර තිබේ.
එක්දින තරග 164 කදී මෙන්ම විස්සයි-20 තරග 100 කදීත් තීරකවරයකු ලෙසින් කටයුතු කර ඇති ඩේවිඩ් බූන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළ පෙලැන්තියේ තරග තීරකවරුන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි.
ප්‍රධාන විනිසුරුවරුන් ලෙසින් ඉහළ පෙළැන්තියේ විනිසුරුවරුන් දෙදෙනකු වන නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆනි සහ ඕස්ට්‍රේලියානු ජාතික රොඩ්නි ටකර් පත්කර සිටිති.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලයිස්තුගතව සිටින ශ්‍රී ලාංකික විනිසුරුවරුන් වන ප්‍රගීත් රඹුක්වැල්ල සහ රවීන්ද්‍ර විමලසිරි දෙදෙනාත් සමගින් එංගලන්ත ජාතික ඇලෙක්ස් වෝෆ් අතිරේක විනිසුරුවරුන් ලෙසින් නම්කරනු ලැබ සිටිති.
ඡායාරූපය - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.