Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල විදුහල අතර පැවැත්වෙන 61 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 යන දිනවලදී කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන 44 වැනි වාර්ෂික එක්දින තරගය මාර්තු මස 17 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන දෙදින තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිල්මින් නානායක්කාර මහතා සහභාගි වීමට නියමිත අතර ඩබ්ලිව්.ඒ. ද සිල්වා අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අනුෂ්ක ගුණසිංහ මහතා සහභාගි වනු ඇත.
මෙවර මහ ක්‍රිකට් තරගයේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ විහස් තෙව්මිකට පැවරී තිබේ. එහිදී ඉසිපතන විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සිතුක ගුණවර්ධන විසිනි.
දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 60 දී ජයග්‍රහණ 6 ක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර ඉසිපතන විදුහල තරග 4 ක් ජයගෙන තිබේ. තරග 49 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරගයක් අතහැර දමා තිබේ.
මීට වසර 5 කට පෙර එනම් 2019 වසරේදී සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ තර්ස්ටන් විදුහල මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්ව ඇති අතර ඉසිපතන විදුහල අවසන් වරට මහ ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ මීට වසර 25 කට එනම් 1999 වසරේ පෙර ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේය.
තර්ස්ටන් විදුහල වෙනුවෙන් මෙවර තරගවාරයේ තරග 9 ක ඉනිම් 17 ක් තුළ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 577 ක් රැස්කිරීමට තනුජ රාජපක්ෂ සමත්ව සිටින අතර දිනාල් ඉඳුවර අර්ධ ශතක 4 ක් සමග රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 466 කි. තර්ස්ටන් විදුහලේ පන්දු යැවීමේ බළෑණිය ශක්තිමත් කරන තනුග පලිහවඩන තරග 8 කදී කඩුලු 46 ක්ද, සෙත්රු ප්‍රනාන්දු තරග 7 කදී කඩුලු 32 ක්ද බිඳහෙළා ඇත.
ඉසිපතන විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින රුචිත් රොද්‍රිගූ තරග 6 ක ඉනිම් 9 කදී ශතකයක් සමග ලකුණු 305 ක් ලබා සිටින අතර කෙවින් සැමුවෙල් තරග 6 ක ඉනිම් 8 කදී ලකුණු 206 ක් ලබා ඇත්තේ අර්ධ ශතක 2 ක් සමගිනි. සිතුක ගුණවර්ධන තරග 6 කදී කඩුලු 42 ක් දවාගනිමින් ඉසිපතන විදුහලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.
තර්ස්ටන් විදුහල
ඉදිරි පෙළ වමේ සිට - දුල්ෂාන් එල්ලාවලගේ මහතා (සහාය පුහුණුකරු), ටී.එම්. කරුණානායක මහතා (ක්‍රීඩා සම්බන්ධිකාරක), ශානික්‍ය දේෂප්‍රිය, ඩබ්.ඒ.එස්. ප්‍රියදර්ශන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), විහස් තෙව්මික (නායක), ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා (විදුහල්පති), නවිඳු ප්‍රනාන්දු (උප නායක), සුනෙත් ගුණතිලක (ප්‍රධාන පුහුණුකරු), තනුග පළිහවඩන සහ රුසිරු මුණසිංහ මහතා (සහාය පුහුණුකරු)
පසු පෙළ වමේ සිට - තනූජ රාජපක්ෂ, හරිත් ශාලක, තලීෂ නානායක්කාර, යොවුන් ශිල්ප, මුලිත ද කොස්තා, ගඟන පෙරේරා, විෂ්ව ධනංජය, සෙත්රු ප්‍රනාන්දු, දිනාල් පෙරේරා, ආදිත්‍ය සත්මින, පැතුම් ධනංජය සහ රචින්ත ද සිල්වා
ඉසිපතන විදුහල
ඉදිරි පෙළ වමේ සිට - හේෂාන් තිලකරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), ජයන්ත දිසානායක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), සිතුක ගුණවර්ධන (නායක), ඕෂාර පණ්ඩිතරත්න මහතා (විදුහල්පති), තරුෂ්ක අෂේල් (උප නායක), සුමේද චානක මහතා (ක්‍රීඩා පාලක) සහ තුෂාල් අදිත්‍ය (සහාය පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට - රන්මිත් දිනුවර, නවිඳු හෙට්ටිආරච්චි, රුචිත් රොද්‍රිගූ, කෙවින් සැමුවෙල්, චනුල් දිනෝත්, දුෂාන් මාලිංග, දිල්ප රුවංක සහ ෂෙනාල් දිරෝෂ්
තෙවැනි පෙළ වමේ සිට - තිතිර සෙන්සිර, මොහොමඞ් අස්ජිධ්, එස්. කබිලේෂ්වරන්, ජනිඳු ඉඳුවර, දසිත් සෙනාල්, ලෙසඳු කල්පගේ, මලීෂ සඳරුවන් නෙතිඳු සෙනුම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.