Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති
පාසල් ක්‍රිකට්

තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2025 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ තර්ස්ටන් විදුහල ඊයේ (9 වැනිදා) සමත් විය. 

කොළඹ ශාන්ත ජෝෂප් ක්‍රීඩාංගණයේදී කදාන ද මැස්නොද් විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින් තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 39 ක පහසු ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 13 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී වේගවත් ලකුණු 35 ක් රැස්කළ දිනාල් ඉඳුවර සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

මෙම තරගයේ ඉනිම් දෙකේදීම තර්ස්ටන් විදුහලේ සෙත්රු ප්‍රනාන්දු ලකුණු 43 කට කඩුලු 7 ක්ද, විහස් තෙව්මික ලකුණු 37 කට කඩුලු 5 ක්ද, තනුග පළිහවඩන ලකුණු 61 කට කඩුලු 5 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 153 
(ශරිත් සුදීන 25, ශෙවාන් වෙල්ගම 26, තිසන්ග සෙමිත් 26, විහස් තෙව්මික 37/5, යොවුන් සිල්ප 55/2) 

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 89 කදී සියලු දෙනා දැවී 217 
(සෙත්රු ප්‍රනාන්දු 68, පැතුම් ධනංජය 45, සෙමික රත්නසිරි 31, ශරිත් සුදීන 97/4, ප්‍රනීත් විතානගේ 13/2, ගීනොද් පෙරේරා 13/2) 

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 102 
(ප්‍රනීත් විතානගේ 28, සෙත්රු ප්‍රනාන්දු 25/6, තනුග පළිහවඩන 40/4) 

තර්ස්ටන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කිසිවකු නොදැවී 42 
(දිනාල් ඉඳුවර නොදැවී 35) 


අදහස් (0)

තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.