Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී අද (21) ආරම්භ වූ 56 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනයේ ක්රීඩාව අවසන් කරන විට තර්ස්ටන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් රැස්කිරීමට සමත්ව සිටියේය. කඩුලු 5 ක් අතැතිව ඉසිපතනයට වඩා තවත් ලකුණු 15 ක් පමණක් පසු පසින් සිටින බැවින් මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමේ හොඳ අවස්ථාවක් තර්ස්ටන් පිලට තිබේ.
අංජු කරුණානායක පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් තර්ස්ටන් විදුහල ඔසවා තැබීය. අංජු කරුණානායක සහ නිමේෂ් පෙරේරා සිවුවැනි කඩුල්ලට ලකුණු 48 ක සම්බන්ධතාවක් පවත්වමින් තර්ස්ටන් විදුහල් පිල ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විදුහල් පිල ඕවර 57.1 කදී සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස්කළේය. ඉසිපතන විදුහල වෙනුවෙන් තෙවිඳු දික්වැල්ල ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය. බවන්ත ජයසිංහ (37/5) සහ සඳරු ඩයස් (20/4) කඩුලු නවයක් බෙදාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තර්ස්ටන් විදුහල් පිලේ නායක සඳරු ඩයස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විදුහලට ආරාධනා කළේය.
අද (23) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ඉසිපතන විදුහල පළමු ඉනිම ඕවර 57.1 කදී සියලු දෙනා දැවී 169
(තෙවිඳු දික්වැල්ල 40, මන්දීප ගුණසේකර 15, රවිඳු රත්නායක 20, ඉසුරු සඳමාල් 26, සවිඳු උත්සර 30, සවීන් දිනෙත 19, සඳරු ඩයස් 41/4, බවන්ත ජයසිංහ 37/5)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම ඕවර 34.2 කදී කඩුලු 5 ට 154
(අංජු කරුණානායක 70, නිමේෂ් පෙරේරා 16, රනේෂ් සිල්වා නොදැවී 27, දිනාත් දිසානායක 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.