Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (29 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පන්දුවෙන් දස්කම් දැක්වූ අයේෂ් හර්ෂණ දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 8 ත් සමගින් කඩුලු 11 ක් තරගය පුරා දවාගනිමින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 60
(බවන්ත ජයසිංහ 10/4, අයේෂ් හර්ෂණ 10/3, සඳරු ඩයස් 11/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 61
(ජහවිහාන් මහවිතාන 24, සෙනෙත් සිතාර 13/5, සචිර රෂ්මික 08/3)

ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී ලකුණු 70
(මිහිසල් අමෝද 35, අයේෂ් හර්ෂණ 16/8)

තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 70
(අංජු කරුණානායක නොදැවී 24)

 


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.