Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති 39 වැනි ‘ඩබ්ලිව්. ඒ. ද සිල්වා කුලසේකර’ අනුස්මරණ කුසලාන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් තර්ස්ටන් විදුහල් පිල ලකුණු 139 ක ජයක් ලැබීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කය වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉසිපතන විදුහල ඕවර 36 කදී ලකුණු 117 කට සීමාවිය.
මේ දක්වා පැවැති එක්දින තරග 39 යේදී තර්ස්ටන් විදුහල ලැබූ 21 වැනි ජය මෙය වන අතර ඉසිපතන විදුහල තරග 17 ක් ජය ලබා තිබේ.
අවිෂ්ක කෞෂල්‍ය දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
රනේෂ් සිල්වා (නොදැවී 65) සහ භවන්ත ජයසිංහ (නොදැවී 27) හයවැනි කඩුල්ලට පන්දු 64 කදී ලකුණු 88 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් තර්ස්ටන් විදුහල ලකුණු 256 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
රනේෂ් සිල්වා එක්දින තරගයක අවසන් ඕවර කීපයට ගැළලෙන පිතිහරඹයක් ක්‍රීඩා කරමින් පන්දු 44 කදී හතරේ පහර හයක් සහ හයේ පහරක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 65 ක්‍රීඩාංගණයට රැස්වසිටි තර්ස්ටන් විදුහල් ප්‍රේක්ෂකයන්ට මිහිරි සංගීතයක් බිඳු විය.
ජයවිහාන් මහවිතාන අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 83 ක් ලබා සිටියදී දැවී ගියේය.
තර්ස්ටන් විදුහල 20 වැනි ඕවරය පමණ වන විට ඕවරයට ලකුණු පහකට අධික වේගයක් පවත්වාගෙන ගිය ද ඉන් පසුව ඉසිපතන විදුහල් දඟ පන්දු යවන්නෝ වේගය අඩාල කිරීමට සමත් වූහ. එහිදී සවිඳු උත්සර ඕවර 10 යේදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 32 කට කඩුල්ලක් දවාගැනීම කැපී පෙනුණි.
ඉසිපතන විදුහලේ සාර්ථකම පන්දු යවන්නා වූ තෙවිඳු දික්වැල්ල කඩුලු තුනක් දවාගත්තේය.
තර්ස්ටන් විදුහලේ ජයවිහාන් මහවිතාන තරගයේ වීරයා ලෙස ද, රනේෂ් සිල්වා දක්ෂතම පිතිකරු ලෙස ද, අවිෂ්ක කෞෂල්‍ය දක්ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ. ඉසිපතන විදුහලේ ලෙෂාන් අමරසිංහ දක්ෂතම පන්දු රකින්නා සම්මාන ලැබීය.
තර්ස්ටන් විදුහල ඕවර 50 යේදී කඩුලු 5 ට 256
(යොහාන් ලියනගේ 24, ජයවිහාන් මහවිතාන 83, අංජු කරුණානායක 20, රනේෂ් සිල්වා නොදැවී 65, භවන්ත ජයසිංහ නොදැවී 27, තෙවිඳු දික්වැල්ල 55/3)
ඉසිපතන විදුහල ඕවර 36 කදී සියලු දෙනා දැවී 117
(ලෙෂාන් අමරසිංහ 18, ඒෂාන් ප්‍රනාන්දු 27, කලීක් අමාත් 13, අවිෂ්ක කෞෂල්‍ය 37/3, සඳරු ඩයස් 14/2, ශාලක බණ්ඩාර 8/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.