Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 144 ක දැවැන්ත ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය.
ජයවිහාන් මහවිතාන (78), සඳරු ඩයස් (62) සහ පවන්ත ජයසිංහ (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 300 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූ අතර අයේෂ් හර්ෂණ කඩුලු 4 ක් ද චාලක බණ්ඩාර සහ අංජු කරුණානායක කඩුලු 2 බැගින් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය අඩු ලකුණ සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
මදුරම්‍ය විජේසිරි (93) අර්ධ ශතකයක් ලබාගනිමින් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
තර්ස්ටන් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගය මින් පෙර පැවැත්වුවද දෙපිලේ ලකුණු සමවීම හේතුවෙත් තරගය නැවත පැවැත්වීමට තරග සංවිධාකවරු තීරණය කළහ.
තර්ස්ටන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 323
(ජයවිහාන් මහවිතාන 78, සඳරු ඩයස් 62, පවන්ත ජයසිංහ නොදැවී 53, රනේෂ් සිල්වා 42, රෂ්මික හිරිපිටිය නොදැවී 38, මදුරම්‍ය විජේසිරි 42/2)
ලුම්බිණි විද්‍යාලය - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(මදුරම්‍ය විජේසිරි 93, දුශාන් රන්මල් 21, අයේෂ් හර්ෂණ 06/4, චාලක බණ්ඩාර 17/2, අංජු කරුණානායක 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.