Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය.
කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ලුම්බිණී විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10 ක ජයක් වාර්තා කරමින් තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී තර්ස්ටන් විදුහලේ තේනුක දේවප්‍රිය ලකුණු 59 ක් රැස්කළ අතර ලුම්බිණී විදුහලේ සහන් කෞෂල්‍ය ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
තර්ස්ටන් විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 228
(තේනුක දේවප්‍රිය 59, උපුල් හෙට්ටිආරච්චි 50, පසිඳු රත්නායක 37, තරිඳු හර්ෂණ 22, සහන් කෞෂල්‍ය 25/4, මලිත් කවිඳු 33/3)
ලුම්බිණී විදුහල - ඕවර 40 කදී කඩුලු 5 ක් දැවී 158
(සහන් කෞෂල්‍ය නොදැවී 38, නබීල් රජුඩීන් 34, ධනංත සන්දේෂ් 25, තුමුදිත තිරන්ජය 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.