Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විදුහලට කඩුලු 10 ක පහසු ජයක්

ත්‍රිත්ව විදුහලට කඩුලු 10 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහලේ නාගිත විජේසුන්දර ලකුණු 76 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත් වූ අතර ශාන්ත තෝමස් පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කනිෂ්ක සේනාධීර ලකුණු 90 කට කඩුලු 6 ක් බිඳහෙළීය. එම විදුහලේම අෂාන් ලොකුකැටිය (61) සහ පුබුදු බණ්ඩාර (60) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 67.1 කදී කඩුලු 9 ක් දැවී 237
(අෂාන් ලොකුකැටිය 61, පුබුදු බණ්ඩාර 60, උමේර් රසාම් 40, සචිර රෂ්මික 67/5, සෙනිත් සිසිර 85/2)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලු දෙනා දැවී 123
(සචිර රෂ්මික 43, නගිත විජේසුන්දර 29/5, කනිෂ්ක සේනාධිර 45/4)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 116
(මිහිසල් අමෝද 27, ක්‍රිෂාන්තික ජයවීර 22, නාගිත විජේසුන්දර 47/6, කනිෂ්ක සේනාධීර 45/2, ෂේන් ගුණතිලක 07/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී කිසිවකු නොදැවී 06


- 036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහලට කඩුලු 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.