Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර්සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (23 වැනිදා) පැවැති තරග වලදී නාවික හමුදාව, යුදහමුදා ‘ඒ‘, සීනිගම, ගුවන් හමුදා ‘ඒ’ යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
නාවික හමුදා පිලේ හංසිමා කරුණාරත්න අද පැවැති තරග වලදී ශතකයක් ලබාගත් එකම ක්‍රීඩිකාව බවට පත්වූ අතර පන්දු 103 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 104 ක් ලබාගැනීමට ඇය සමත් වුවාය.
හර්ෂිතා සමරවික්‍රම (නාවකි හමුදාව), කවීෂා දිල්හාරී සහ පියුමි වත්සලා (සීනිගම), චමරි අතපත්තු (හලාවත මේරියන්ස්), චමරි පොල්ගම්පොල සහ ඕෂදී රණසිංහ (ගුවන් හමුදා ‘ඒ’) යන ක්‍රීඩිකාවන් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
යුද හමුදා ‘ඒ’ පිලේ ගනේෂා චමරි කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.
නාවික හමුදා පිලට ලකුණු 178 ක ජයක්
නාවික හමුදා පිල සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 251
(හංසිමා කරුණාරත්න නොදැවී 104, හර්ෂිතා සමරවික්‍රම 58, ප්‍රසාදනී වීරක්කොඩි 38, උෂානී රුවන්තිකා 26/3)
ගුවන් හමුදා ‘බී’ - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී 73
(සුරංගිකා පෙරේරා 23, උදේශිකා ප්‍රබොදනී 12/3, ශෂිකලා සිරිවර්ධන 13/3, ඉනෝකා රණවීර 13/2)
යුදහමුදා ‘ඒ‘ පිලට කඩුලු 9 ක ජයක්
කෝල්ට්ස් සහ යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී 45
(ගනේෂා චමරි 07/6, අචිනි කුලසූරිය 19/2)
යුදහමුදා ‘ඒ‘ - කඩුල්ලක් දැවී 46
සීනිගම පිලට ලකුණු 93 ක ජයක්
සීනිගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සිනීගම - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 240
(නවෝද්‍යා නෙත්මිණි 36, ඉමේෂා දුලානී 22, කවීෂා දිල්හාරී නොදැවී 91, පියුමි වත්සලා නොදැවී 50)
හලාවත මේරියන්ස් - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී 147
(චමරි අතපත්තු 66, කවීෂා දිල්හාරී 39/4, සචිනි නිසංසලා 41/4)
ගුවන් හමුදා ‘ඒ’ පිලට ලකුණු 191 ක ජයක්
යුද හමුදා ‘බී’ සහ ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම් අතර කටුනායකදී
ගුවන් හමුදා ‘ඒ’ - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 272
(චමරි පොල්ගම්පොල 82, ඩිලානි මනෝදරා 41, ඕෂදී රණසිංහ 71, මල්ෂා ෂෙහානී 30, සචිනි ද සිල්වා 28/2, මධාරා සමරකෝන් 30/2)
යුද හමුදා ‘බී’ - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී 81
(චමරි පොල්ගම්පොල 08/3, ඕෂදී රණසිංහ 07/2, අමා කාංචනා 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.