Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තීක්ෂණගේ පන්දු යැවීම වොරියර්ස් පිල දිනවයි

තීක්ෂණගේ පන්දු යැවීම වොරියර්ස් පිල දිනවයි

editorial - 2024 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහීෂ් තීක්ෂණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ සජා වොරියර්ස් කණ්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම අතර සජා නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සාජා වොරියර්ස් කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට තීක්ෂණ ප්‍රමුඛ වොරියර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. 

එහිදී සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කළ තීක්ෂණ කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත් ඩැනියෙල් සෑම්ස් ඩු්බායි කැපිටල්ස් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා තීක්ෂණට අනගි සහායක් දුන්නේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය සාජා වොරියර්ස් කණ්ඩායම ඕවර 13.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත් අතර එහිදී නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කින් ලකුණු 37 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. 

ජොන්සන් චාල්ස් (නොදැවී 43) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දික්වැල්ල සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ චාල්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

ඩුබායි කැපිටල්ස් පිල - ඕවර 18.2 සියලු දෙනා දැවි 104 
(ඩේවිඩ් වෝනර් 16, සිකන්දර් රාසා 22, වැන්ඩර් මර්ව් 21, මහීෂ් තීක්ෂණ 20/4, ඩැනියෙල් සෑම්ස් 28/3) 

සාජා වොරියර්ස් පිල - ඕව 13.1 කදී කඩුල්ලක් දැවී 105
(නිරෝෂන් දැක්වැල්ල 37, ජොන්සන් චාල්ස් නොදැවී 43, ජෝ ඩෙන්ලි නොදැවී 23) 

-036 


අදහස් (0)

තීක්ෂණගේ පන්දු යැවීම වොරියර්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.