Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුනක් ඉල්ලුවාම එකක් ලැබෙයි

තුනක් ඉල්ලුවාම එකක් ලැබෙයි

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග 3 කටත් සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉල්ලා තිබේ. එහෙත් “ශූරයන්ගේ කුසලාන තරගාවලියට යාම සඳහා කාලය මඳි” යයි කී ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවේදී එක එක්දින තරගයකට සහභාගි වීමට කැමැත්ත පළකර තිබේ.

මෙම එක්දින තරගය 2025 පෙබරවාරි මස 13 පැවැත්වීමට නියමිත නමුත් එය පැවැත්වෙන ක්‍රීඩාංගණය කුමක් ද යන්න තවමත් ස්ථිර වී නැත. කෙසේ වෙතත් එම එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය හැකි යයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු බලාපොරොත්තු සහගතව සිටිති.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය අලුත්වැඩියා කෙරෙමින් පවතින බැවින් පසුගිය අගෝස්තු මාසයෙන් පසුව එක්දින තරග පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය ලබන වසරේ ජනවාරි මස අගදී සම්පූර්ණ කිරීමට නියමිතය. එය නියමිත කාලය අනුව සිදුවුවහොත් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් මෙම තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ‘වෝන් - මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්ය.

වෝන් - මුරලි තරගාවලියට පොරතුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදීත් ඕස්ටේ්‍රලියානු පිල සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිවත් ටෙස්ට් තරගාවලි දෙකකට සහභාගි වෙති.

 

තරග කාලසටහන

ජන 29 - පෙබ 2 - 1 වැනි ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පෙබ 6-10 - 2 වැනි ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පෙබ 13 - එකම එක්දින තරගය


අදහස් (0)

තුනක් ඉල්ලුවාම එකක් ලැබෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.