Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය ජීවිත කථාවේ නව පැතිකඩක් ගැන හෙළිදරව් කරමින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ග‍්‍රන්ථයකින් ඉන්දීය පිලේ හිටපු පුහුණුකරුවකු මෙන්ම ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක ග්‍රෙග් චැපල් මහතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ඉවත්කරමින් කණ්ඩායමේ ප‍්‍රශ්න ඇති කළ බවට චෝදනා කර තිබේ.
‘මගේ තාලයට කී‍්‍රඩා කිරීම’ යනුවෙන් නම්කර ඇති තෙන්ඩුල්කාර්ගේ නවතම ග‍්‍රන්ථය අනි (6 වැනිද) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම ග‍්‍රන්ථයෙන් ඉන්දීය පිලේ හිටපු පුහුණුකරුවා හඳුන්වාදී ඇත්තේ ‘සර්කස් සංදර්ශනයක විස්තර කථකයෙක්’ ලෙසිනි.
ග්‍රෙග් චැපල් මහතා තමාගේ අදහස් කණ්ඩායම තුළ ස්ථාපිත කළේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් එයින් අපහසුතාවට පත්වන්නේද නැද්ද යන්න පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් බව තෙන්ඩුල්කාර්ගේ ග‍්‍රන්ථයෙන් කියැවේ.
ග්‍රෙග් චැපල් 2005 වසරේ සිට 2007 වසර දක්වා පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේ ඉන්දීය පිලේ නායකයා වූ සව්රව් ගංගුලි නායකත්වයෙන් නෙරපා හරින ලද අතර 2007 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉන්දීය පිල ඉවත්වීමත් සමග ග්‍රෙග් චැපල් මහතාටද සිය තනතුරෙන් ඉවත් වීමට කටයුතු යෙදිණ.
තෙන්ඩුල්කාර්ගේ නවතම කතාවෙන් උපුටාගත් තොරතුරු කිහිපයක් ‘ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා’ ආයතනය විසින් සඳුදා (3 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි.
වසර 2007 දී බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියට මාස කිහිපයකට පෙර ඉන්දීය පිලේ නායකත්වය රාහුල් ද්‍රාවිඞ්ගෙන් ලබාගන්න’යි ග්‍රෙග් චැපල් මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බවද තෙන්ඩුල්කාර් සිය ග‍්‍රන්ථයෙන් හෙළිදරව් කරයි.
”2007 ලෝක කුසලාන තරගාවලිය අත ළග තිබියදී චැපල් මගේ ගෙදරට ආවා. එහිදී රාහුල් ද්‍රාවිඞ් ඉවත් කර නායකත්වය බාර ගන්නා ලෙස ඔහු මට යෝජනා කළා”
”අංජලී (තෙන්ඩුල්කාර්ගේ බිරිද) ඒ අවස්ථාවේදී මාත් සමග වාඩි වී සිටියා. එසේ වුවහොත් අපි දෙන්නට එකතුව ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව අවුරුදු ගානක් පාලනය කළ හැකි බව ඔහු පැවසූ ආකාරයට අපි දෙන්නාම විමතියට පත්වුණා. ඔහු කීවේ ඒ සඳහා ඔහු මට උපකාර කරන බවයි”
”ලෝකයේ ලොකුම තරගාවලිය අත ළග තියාගෙන, නායකයාට කිසිදු ගරුසරුවක් නැතිව පුහුණුකරුවෙක් කතා කළ ආකාරය සම්න්ධයෙන් මා පුදුමයට පත්වුණා..... ඔහුගේ යෝජනාවට මාව නම්මවා ගැනීමට ඔහු පැය කීපයක් නැවතී සිටියත් අවසානයේදී පිටව ගියා”
චැපල් මහතා සමග ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට නොයැවිය යුතු යයි තමන් ඉන් අනතුරුව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට යෝජනා කළ නමුත් එය ප‍්‍රතික්ෂේප වූ බවද තෙන්ඩුල්කාර් පැවසීය.
”චැපල් සමග ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙ යන්න තැනක් නැති බව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වැඩිදෙනකු ගේ හැගීම වූ බව මා කීවොත් එය සත්‍ය තත්ත්වයෙන් ඒ තරම් ඈත යයි මා හිතන්නේ නෑ” යයිද තෙන්ඩුල්කාර් සිය ග‍්‍රන්ථයේ සටහන් කර තිබිණ.
තෙන්ඩුල්කාර් පවසන්නේ චැපල් ඉවත් කිරීම බොහෝ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට සහනයක් වූ බවයි.
”එය පුදුයක් නෙමේ. තේරුම්ගන්න බොහෝ දේවල් තිබුණා. ඔහු ඔවුන්ට (ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට) සැලකුව ආකාරය හොඳ නෑ”
ටෙස්ට් සහ එක්දින තරගවලදී ලෝකයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පසුගිය වසරේ අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් තෙන්ඩුල්කාර් පවසන්නේ ගංගුලි ඉවත් කිරීමෙන් පසුව චැපල් තවත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් රැසක් ඉවත්කිරීමට සූදානමින් සිටි බවයි.
”චැපල් සූදානමින් සිටියේ සියලූම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ඉවත් කරලා කල්යාමේදීකණ්ඩායමේ එකමුතුබව නැතිකරන්නයි”
”ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ඉවත් කිරීම සම්න්ධයෙන් ග්‍රෙග් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග කතාබහ කළ බවත් පස්සේ මට දැනගන්න ලැබුණා. ඒ කණ්ඩායම නවීකරණය කිරීම සම්බන්ධයෙන් බවට සැකයක් නෑ” යයිද තෙන්ඩුල්කාර් ලියා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.