Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුව දුර ඉලක්කයක් අල්ලයි
එන්.එස්.එල්. පළමු පෙළ තරග

තේරීම් කමිටුව දුර ඉලක්කයක් අල්ලයි

editorial - 2025 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (එන්.එස්.එල්.) තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දුරස්ථ එල්ලයක් බලා ක්‍රීඩකයන් තෝරා ගෙන තිබේ. දේශීය අන්තර් සමාජ (පළමු පෙළ) තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතුරින් 99 දෙනකු තෝරා ගනිමින් එකකට 20 ක් බැගින් කණ්ඩායම් 5 කට ක්‍රීඩකයන් වෙන්කර තිබේ. 

කොළඹ කණ්ඩායම නම් කිරීමේදී නායකත්වය චරිත් අසලංකට පවරන තේරීම් කමිටුව, තරමක් දඩබ්බර ආකාරයෙන් පන්දුවට පහර දෙන්නකු වන අවිශ්ක ප්‍රනාන්දුට උප නායකත්වය පවරා ඇත්තේ ඔහුට වැඩි වගකීමක් පවරා දෙමිනි. එහෙත් කුසල් ජනිත් පෙරේරා මෙන්ම කුසල් මෙන්ඩිස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝත් කොළඹ කණ්ඩායමේ සිටිති. 

යාපනය කණ්ඩායම නම් කිරීමේදී ජනිත් ලියනගේ නායකයා ලෙසින් නම්  කරන තේරීම් කමිටුව, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්ඩර්සේ වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිටියදීත්  එන්.සී.සී. පිතිකරු අහන් වික්‍රමසිංහට උප නායක තනතුරේ වගකීම් බාර දී තිබේ. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වන පසිඳු සූරියබණ්ඩාරට ගාල්ල කණ්ඩායම පවරා දෙන තේරීම් කමිටු නිලධාරීහු පසිඳුගේ උප නායකය වශයෙන් ටෙස්ට් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් තෝරාගෙන තිබේ. මහනුවර කණ්ඩායමේ උප නායක නිවනිඳු ප්‍රනාන්දු ද නිතරම අවස්ථාව ලැබෙන නමුත් ඒවායින් ප්‍රයෝජන නොගන්නා ක්‍රීඩකයකු ලෙසින් වර්ගීකරණය වී තිබෙන අයෙකි. එහෙත් ඔහුට වගකීම් පවරමින් අවස්ථාව දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට දඹුල්ල කණ්ඩායම පවරා දී තිබේ. 
සිව් දින තරගාවලියක් වන සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වේ. ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදීත්, යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙයි. 


කොළඹ කණ්ඩායම 
චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු (උපනායක), කුසල් ජනිත් පෙරේරා, නවෝද් පරණවිතාන, කුසල් මෙන්ඩිස්, කෙවින් පෙරේරා, ෂෙහාන් ප්‍රනාන්දු, සනෝජ් දර්ශික, කවීන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන්, ලහිරු මධුශංක, කසුන් රාජිත, අක්මල් ෆස්ලි, නිපුන් රංසික, සම්පත් නිශ්ශංක, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, දුෂාන් හේමන්ත, මුදිත ලක්ෂාන් සහ මොවින් සුබසිංහ


යාපනය කණ්ඩායම 
ජනිත් ලියනගේ (නායක), අහන් වික්‍රමසිංහ (උප නායක), ෂෙවෝන් ඩැනියෙල්, රවිඳු රසන්ත, තනුක දාබරේ, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ශාලිත් ප්‍රනාන්දු, සසිඳු මල්ෂාන්, සඳුන් වීරක්කොඩි, චාමික කරුණාරත්න, කවිශ්ක අංජුල, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, සිතුම් දිසානායක, ජෙෆ්රි වැන්ඩර්සේ, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක සහ මුර්වින් අභිනාෂ්, 


ගාල්ල කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), රමේෂ් මෙන්ඩිස් (උප නායක), ඕෂධ ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අවිශ්ක පෙරේරා, තුලින ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, ක්‍රිෂාන් සංජුල, විනුර දුල්සර, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මධුශංක, නිසල තාරක, උදිත් මධුෂාන්, නිම්සර අතරගල්ල, දිලුම් සුධීර, විජයකාන්ත් වියස්කාන්ත්, ශෂික දුල්ෂාන් සහ ලක්ෂාන් සඳකැන්


මහනුවර කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), නුවනිදු ප්‍රනාන්දු (උප නායක), ළහිරු උදාර, පැතුම් නිශ්ශංක, ජනිෂ්ක පෙරේරා, කමිල් මිෂාර, සොහාන් ද ලිවේරා, අශේන් බණ්ඩාර, පවන්ත වීරසිංහ, කසුන් අබේරත්න, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, ළහිරු කුමාර, චාමික ගුණසේකර, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් දිල්ෂාඩ්, අෂියන් ඩැනියෙල්, වනුජ සහන්, සහන් නානායක්කාර සහ විශ්ව ළහිරු


දඹුල්ල කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), නිශාන් මධුෂ්ක (උප නායක), ලසිත් කෲස්පුල්ලේ, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා, සහන් කෝසල, සම්මු අශාන්, සොනාල් දිනූෂ, දසුන් ශානක, දිනුර කළුපහන, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, චමිඳු විජේසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, අකිල ධනංජය, දුවිඳු තිලකරත්න, විහස් තෙව්මික, 


අදහස් (0)

තේරීම් කමිටුව දුර ඉලක්කයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.